බූරු මූණාගේ ලොක්කා ඩුබායිහි දී අත්අඩංගුවට

1052

මිනීමැරුම් කප්පම් ගැනීම් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ ලලිත් කන්නන්ගර නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිය දී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා පොලිසිය මගින් ලබාගෙන තිබූ ජාත්‍යන්තර රතු වරෙන්තුවකට අනුව අත්අඩංගුවට ගත් මෙම පාතාල නායකයා ඉදිරි දිනවල දී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

මිනිස් ඝාතන රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බූරු මූණා නමැති කොන්ත්‍රාත් මිනීමරුවා ඩුබායි සිට මෙහෙයවා ඇත්තේ ලලිත් කන්නන්ගර බව විමර්ශනවල දී හෙළි වී ඇත.

තමන්ට කප්පම් නොදෙන ධනවත් පුද්ගලයන් වෙඩි තවා ඝාතනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්වල විරුද්ධවාදීන් විනාශ කිරීම ඇතුළු විවිධ අපරාධ සඳහා ලලිත් කන්නන්ගර බූරුමූණා නමැති අපරාධකරු යොදාගෙන තිබූ බව ද මේ වනවිට අනාවරණය වී තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment