ඩීසල් බාලයි: එදා ලීටරයට කි. මී. 8 ක් ගියත් අද එය 4 කට සීමා වෙලා

580

වෙනදාට පාසල් බස් රථ, වෑන් රථවලට ලබා ගන්නා ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 8ක් ධාවනය කළ බවත්, මේ වනවිට ලබා ගන්නා ඩීසල් ලීටරයකින් පාසල් බස් රථයක්, වෑන් රථයක් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 4ක දුරක් බවත්, මේ තත්ත්වය තුළ දරුවන් පාසල වෙත රැුගෙන යෑමත් ගැටලූවක් බවට පත්ව ඇති බවත් සමස්ත ලංකා අන්තර් දිස්ති‍්‍රක් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර පත්මසිරි මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය.

මෙම ප‍්‍රමිතියෙන් තොර බාල ඉන්ධන හේතුවෙන් බොහෝ පාසල් වෑන් රථ, බස් රථ බොහෝමයක්ම කාර්මික දෝෂවලට ලක්වී ඇතැයි ද ඒ මහතා කීය.

තවත් පාසල් වෑන් රථ, පාසල් බස් රථ රියැදුරන් විශාල පිරිසකට ඉන්ධන පෝලිම්වල තම අවශ්‍යතාවය ඉටුකර ගැනීමට රැඳී සිටීමට සිදුව ඇති බවත්, මේ ගැන අධ්‍යාපන අමාත්‍යාංශය හෝ මැදිහත් වී පාසල් වෑන් රථවලට ප‍්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

මේ දිනවල දරුවන්ගේ විභාග පැවැත්වෙන බැවින් ඒ සඳහා දරුවන් පාසල් කරා රැගෙන යෑමේ දැඩි වගකීමක් පැවරී ඇති නමුත්, ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් වෑන් රථ, බස් රථ රියැදුරන් දැඩි ගැටලූවකට මුහුණපා ඇතැයි ද හෙතෙම කීය.

පවතින තත්ත්වය හමුවේ දිවයිනේ ඇති සමස්ත පාසල් වෑන් රථ, බස් රථ 40,000 න්ම මේ වනවිට ධාවනය වනුයේ පාසල් වෑන් රථ, බස් රථ 10,000 ක පමණ ප‍්‍රමාණයක් බව ද හේ සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment