පකිස්ථාන මැතිවරණ ප්‍රතිඵල නිකුත්වේ

16629


ඊයේ පැවැති පකිස්ථාන මහා මැතිවරණයේ දැනට නිකුත් කර තිබු මැතිවරණ ප්‍රතිඵලවලට අනුව බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පකිස්ථාන් ටෙහ්රීක් ඊ ඉන්සාෆ්(පීටීඅයි) පක්ෂයට සහය දක්වන ස්වාධින අපේක්ෂකයන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
ආසන 266 කින් සමන්විත පකිස්ථාන පාර්ලිමේන්තුවේ ආසන 128 ක ජන්ද ප්‍රතිඵල නිකුත් කර තිබුණි. ඉන් ආසන 51ක් හිටපු අගමැති ඉම්‍ රාන් ඛාන් ගේ පීටීඅයි පක්ෂයට අනුබද්ධ ස්වාධීන අපේක්ෂකයන් විසින් දිනාගෙන තිබු අතර තවත් ආසන 33ක් හිටපු පකිස්ථාන අගමැතිනී බෙනාසීර් භූතෝ ගේ පුත් බිල්වාල් භූතෝ සදාරිගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන ජනතා පක්ෂය (පීපීපී)විසින් දිනාගෙනා තිබිණි.මෙවර මැතිවරණා ජය ගනු ඇතැයි විචාරකයන් විසින් නම් කර,තිබෙන තවත් හිටපු පකිස්ථාන අගමැතිවරයෙකු වන නවාස් ෂෙරිෆ් ගේ පකිස්ථාන් මුස්ලිම් ලීගය විසින් ආසන 39 ක් දිනාගෙන තිබිණි.මෙම මැතිවරණය ඉහත කී පක්ෂ තුන අතර පවතින තරගයක් බවට පත්ව තිබේ.

දැනට වසර 24 ක සිරදඩුවමකට යටත්ව සිටින හිටපු අගමැති ඉම්‍ රාන් ඛාන් විසින් නායකත්වය දරණ පීටී අයි පක්ෂය හා එහි ජන්ද ළකුණ වන ක්‍රිකට් පිත්ත තහනම් කරමින් එම පක්ෂයේ ප්‍රධානින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරිමට බලධාරින් විසින් පියවර ගෙන තිබීම නිසා ස්වාධීන අපේක්ෂකයන් වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට එම පක්ෂයට අයත් නිළධාරින් විසින් පියවර, ගෙන තිබේ.මේ අතර මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ඉතාමත් සෙමෙන් සිදු වන බව වාර් තා වී ඇති අතර වත්මන් පකිස්ථාන රජයට හා,රටේ හමුදාවට පක්ෂපාති නොවන පක්ෂයක් මැතිවරණයේ ඉදිරියෙන් සිටීම එයට හේතු වී සැතිබව,දේශපාලන විචාරකයෝ පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment