දුෂ්කරතා මැද ඇදවැටුණු සෑම අවස්ථාවකම චීනය අපට සහෝදරත්වයේ දෑත දිගු කළා

218

විමල් හම්බන්තොටදී කියයි

අපි දුෂ්කරතා මැද ඇදවැටුණු හැම අවස්ථාවකම අපට උදව් කරපු අපේ මිත්‍රයෙක් වන චීනය අපේ රාජ්‍ය ව්‍යුහය කවර ආකාරයෙන් සකස් කළ යුතුදැයි, අපි කුමන ආකාරයේ පාලන සංස්කෘතියක් යොදාගත යුතුදැයි කියා අපට කවදාවත් බලපෑම් කර නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

චීනය ලංකාව තුළ රාජ්‍ය නොවන සංවිධාන හදල ඒවට මුදල් වියදම් කරල රාජ්‍ය අස්ථාවර කරන්න, රාජ්‍ය බිඳවට්ටන්න කවර ආකාරයකින්වත් ක්‍රියා කරල නෑ. ඒ නිසා ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දුෂ්කරතාවට පත්වී ඇති මේ අවස්ථාවේත් අපට සහෝදරත්වයේ දෑත දිගු කළ හැකි රටවල් කීපය අතර එක රටක් වන්නේ චීනය යැයිද විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවේ චීනය ණයවලින් උදව් කරනවට වඩා ආයෝජනවලින් මේ රටට උදව් කරාවි කියන විශ්වාසය අපට තියෙනවා. චීනය වගේම ශ්‍රී ලංකාවත් ඉදිරියට යනකොට තමයි ලෝකයේ බලවත් සමගියක් මිත්‍රත්වයක් නිර්මාණය වෙන්නේ. එමෙන්ම කලාපය තුළ සාමය තහවුරු කරගැනීමට හැකිවෙන්නේ. ශ්‍රී ලංකා රාජ්‍ය බිඳවැටුණොත් මේ ඉන්දියානු සාගර කලාපයේ සාමය බිඳ වැටෙනවා. ඒ වගේම අස්ථාවරත්වය ඉතා තදින් නිර්මාණය වෙනවා. අපි විශ්වාස කරනවා එසේ ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂා කරගනිමින් ඉදිරියට යන්න අපි සියලු දෙනාටම හැකිවෙයි කියලා යැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මතබේදයට තුඩු දුන් චීනයේ යුවාන් වැන්ග් 05 තාක්‍ෂණික නෞකාව හම්බන්තොට වරායට පැමිණි අවස්ථාවේ එය පිළිගැනීමේ උත්සවයට එක්වෙමිනි.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment