SLT-MOBITEL නව සන්නාම තානාපති ලෙස සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග නම් කරයි

318

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි සන්නාම තානාපති ලෙස, තුන් ඉරියව්වෙන් දස්කම් පාන සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක වනිඳු හසරංග නම්කර තිබේ.

ක‍්‍රිකට් පිටියේදී පෙන්නුම් කරන දක්ෂතා මෙන්ම අධිෂ්ඨානය, උනන්දුව හා කැපවීම වැනි ගුණාංග හේතුවෙන් වනිඳු හසරංග මෑතකාලීනව ක‍්‍රිකට් ලෝලීන් අතර බෙහෙවින් ජනප‍්‍රිය විය. සෑම විටම නව පරපුරේ දක්ෂයන්ට අත්වැලක් වෙමින් ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කරගැනීමට අත්වැලක් වන SLT-MOBITEL හි ආයතනික වටිනාකම්ද මෙම ගුණාංග වලට බෙහෙවින් සමාන වන නිසා, තම සන්නාම තානාපති ලෙස වනිඳු හසරංග පත්කිරීමට SLT-MOBITEL කටයුතු කළේය. රිච්මන්ඞ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන හසරංග, මේ වනවිට ලොව අංක එකේ ඔ20 පන්දු යවන්නා බවට පත් වී ඇති අතර, ලොව විශිෂ්ටතම තුන් ඉරියවු ක‍්‍රීඩකයන් 10 දෙනා අතරටද එක් වී සිටී. SLT-MOBITEL සන්නාම තානාපති ලෙස, තරුණ පරපුරේ ක‍්‍රීඩා ලෝලීන් සමග පෙරටත් වඩා සමීපව කටයුතු කිරීමට වනිඳු හසරංගට අවස්ථාව ලැබෙනු ඇත. ක‍්‍රිකට් ලෝකයේ විශිෂ්ටතම තරුවක් බවට පත්වීම සඳහා වනිඳු හසරංග යන ගමනේදී මේ ක‍්‍රීඩා ලෝලීන්ගේ ආදරය ඔහුට ආශීර්වාදයක් වනු නොඅනුමානය.

advertistmentadvertistment
advertistmentadvertistment