පාස්කු ප්‍රහාරය මෙහෙයවූ ෂෙයික් අත්අඩංගුවට

253

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ තමිල්නාඩු ඒජන්ත වූ ෂෙයික් හිදයතුල්ලා ඉන්දීය ජාතික බුද්ධි සේවාව විසින් පෙරේදා (28 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අසුවූයේ වසර 4කට පසුව ය. මේ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත හෙළිකර තිබේ. මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරය සඳහා සහරාන් හෂීම්ට උපදෙස් දුන්නේ මොහු බව බුද්ධි අංශ නිලධාරීහු හෙළි කළහ.

තමිල්නාඩුවේ සැඟවී සිටිය දී අසුවූ හිදයතුල්ලා සමග ඔහුගේ පණිවුඩකරු සන්යෝර් කුලිද අල්ලාගෙන ඇත.

පාස්කු ප්‍රහාරය ක්‍රියාත්ක කරන ලෙස හිදයතුල්ලා විසින් සහරාන් හෂීම්ට නියෝග කර ඇත්තේ ෆේස් බුක් අඩවියක් ඔස්සේ බවද හෙළිවී තිබේ.

මේ අතර තමිල්නාඩුවේ අයි.එස් ත්‍රස්ත කාර්යාල පහක් ඇතැයි ද බුද්ධි අංශ සොයාගෙන ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment