දිනකට තෙල් ලීටර් 5 ක් දෙනවා නම් ත්‍රිරෝද ගාස්තු අඩු කරනවා

91

ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති

ත්‍රිරෝද රථ සඳහා දිනකට ඉන්ධන ලීටර් 05 ක් ලබා දෙනවා නම් ත්‍රිරෝද ගාස්තු අඩු කළ හැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති, සුදිල් ජයරුක් මහතා ප්‍රකාශ කළේය.

අඩු කළ ඉන්ධන මිලට සාපේක්ෂව මගීන්ට සහන සැලසීම සම්බන්ධයෙන් ඊයේ (25 දා) මාධ්‍යට අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

දැනට සතියකට ලබාදෙන ඉන්ධන ලීටර් 05 ට අමතරව තව ලීටර් 10 ක් පළමු අදියරේදී ලබා දෙනවා නම් පැහැදිලිවම අපි එහි සහනය ජනතාවට ලබා දෙනවා. එසේ නොමැතිව සංශෝධනයක් ලෙස නව ඉන්ධන ලීටර් 5 දුන්නත් ජනතාවට සහන දීමට බැහැ.

සතියටම ලැබෙන්නේ ඉන්ධන ලීටර් 5 යි. නමුත් අපිට දිනකට ඉන්ධන ලීටර් 5 ක් වත් ලැබිය යුතුයි. අපි දැනට ඉන්ධන සපයා ගන්නේ වැඩි මුදලට කළුකඩයෙන්. ඒ සඳහා පොම්පකරුවන්ට විශාල මුදලක් ගෙවන්න වෙනවා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment