‘DFCC ආලෝකා මෙරට ව්‍යවසායිකාවන්ගේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනයට මඩකලපුව සහ බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව වැඩසටහන් කිහිපයක් සංවිධානය කරයි

31

මූල්‍ය සාක්ෂරතාව යනු මෙරට ව්‍යවසායිකාවන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයකි. එයට පිළියම් යෙදීමේ අරමුණින්, DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති මූල්‍ය සේවාවක් වනි DFCC ආලෝකා’ සේවාව හරහා මෙරට ව්‍යවසායිකාවන්ට මූල්‍යමය සහය සහ මූල්‍යමය නොවන වෙනත් ප්‍රතිලාභ පිරිනැමීමට පියවර ගෙන තිබේ. DFCC ආලෝකා’ මූල්‍ය සාක්ෂරතා සම්මන්ත්‍රණ වැඩසටහන යනු මෙහි එක් වැදගත් පියවරකි. ව්‍යවසායිකාවන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණ රට පුරා සංවිධානය කෙරෙන අතර, මෙහි තවත් සම්මන්ත්‍රණ දෙකක් මෑතකදී මඩකලපුව සහ බදුල්ල යන ප්‍රදේශවලදී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණ ඔස්සේ, කාන්තාවන්ට තම ව්‍යාපාර දියුණු කරගනිමින් ජාතික ආර්ථිකට දායක වීම සඳහා අවශ්‍ය මගපෙන්වීම හා සහයෝගය ලබාදීම DFCC බැංකුවේ අරමුණ වී තිබේ.

‘DFCC ආලෝකා’ හි විශේෂත්වය වන්නේ, බැංකු සේවාවන් ලබාගැනීම සඳහා ව්‍යවසායිකාවන් සහ පාරිභෝගික කාන්තාවන් දිරිගැන්වීමේ අරමුණින් ඔවුන්ට විශේෂ පොලී අනුපාත සහ සහනදායී ගාස්තු ආදිය ලබාදීමය. තවමත් රටේ ව්‍යවසායිකාවන් ඇතුළු සමස්ත කාන්තා ප්‍රජාවෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් බැංකු සේවාවන් ප්‍රමාණවත් පරිදි භාවිතා නොකරන නිසා, එම තත්ත්වය වෙනස් කිරීම සඳහා මෙවැනි විසඳුම් හඳුන්වා දීම අතිශයින් වැදගත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment