සා/පෙළ සිසුන්ට හැඳුනුම්පත කතා කරයි

117

අවුරුදු 16 ට වැඩිනම් දඩය රු.2500 යි

අපොස සාමාන්‍ය පෙළ 2022 (2023) විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති නම් එය කඩිනමින් ලබාගන්නා ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඊයේ (17 දා) ඉල්ලීමක් කළේය.

සිසුන්ගේ හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවට ද පැමිණ ලබාගත හැක.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සාමාන්‍යයෙන් වසරකට හැඳුනුම්පත් ලබා ගැනීමට තුන් ලක්‍ෂ පනස් දහසත් තුන් ලක්‍ෂ හැත්තෑ පන්දහසත් අතර පිරිසක් ඉල්ලුම් කරන බවත් මෙවර ඉල්ලීම් කළ පිරිස දෙස බැලීමේදී තව පිරිසක් හැඳුනුම්පත් ලබාගත යුතු බව පෙනීයන බවත් සපුතන්ත්‍රි මහතා කීය.

හැඳුනුම්පත් ලබාගැනීම සඳහා නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්, තමා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින් ස්ථීර පදිංචි කොට්ටාසයේ ග්‍රාම නිලධාරී මගින් සහතික කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කඩිනමින් යොමු කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

තවද ඉල්ලුම්පත් යොමුකර ඇති නමුත් මේ වනතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු කිරීමේ ලිපිය ලැබී නොමැති ඉල්ලුම්කරුවන් සිටීනම් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 011-5226100 හෝ 0115226126 අංක වලින් විමසීම් කළ හැකි බවද ඒ මහතා ඉල්ලා සිටී.

විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් මෙතෙක් විභාගයට පෙනි සිටීම සඳහා හැඳුනුම්පත් (අදාළ ලිපිය) ලබාගෙන නොමැති නම් ඉහත ක්‍රමවේදයට අනුව සකස් කරන ලද අයඳුම්පත් දෙපාර්තමේන්තුවට රැගෙන පැමිණ හැඳුනුම්පත් අංකය අඩංගු ලිපිය ලබාගත හැකිය. අවුරුදු 16 ට අඩු සිසුන් සඳහා රුපියල් 250 ක් අයකරන අතර අවුරුදු 16 සම්පූර්ණ වූ සිසුන් සඳහා රුපියල් 2500 ක දඩ මුදලක් ද අය කරනු ලබයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment