වෘත්තීය සමිති දහසක් – සේවකයෝ ලක්‍ෂ ගණනක් වර්ජනයේ

241

* සේවාවන් 18කට අයත් විධායක නිලධාරීහු 45000 ක්

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් දියත් කරනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ පළමු පියවර ලෙස අද (28) එක් දින සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණවීමට එම ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන සියලුම සංගම් තීරණය කර ඇත.

මේ අනුව රජයේ දීප ව්‍යාප්ත සේවා හා සමාන්තර සේවාවන් 18 කට අයත් 45000 කට ආසන්න විධායක නිලධාරීන් අද සංකේත වැඩ වර්ජනයකට එක්වනු ඇත.

විශේෂයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව, රජයේ විද්‍යාත්මක නිලධාරීන්ගේ සංගමය, ක්‍රම සම්පාදන සේවා සංගමය, අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය, කෘෂිකර්ම සේවාවේ වෘත්තීය සමිති එකමුතුව හා රජයේ මිනින්දෝරු සේවා සංගමය ඇතුළු සංගම් 18 ක් මෙම වැඩ වර්ජනය සඳහා එක්වනු ඇත. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ලෙස වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව ද එම කමිටුව කියයි.

රටේ තත්ත්වය සම්බන්ධයෙන් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් වෘත්තීය සමිති 18 ක් විසින් දැඩිව අවධානය යොමු කර ඇති අතර රට ස්ථාවර කිරීමට හෝ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට වත්මන් ආණ්ඩුවට කිසිදු හැකියාවක් නොමැති බව පැහැදිලිවම පෙනී යන කරුණකි. රට තුළ උද්ගතව ඇති ආර්ථික හා දේශපාලනික අර්බුදය හේතුවෙන් මේ වන විට ක්ෂේත්‍ර ගණනාවකම බරපතළ ගැටලු නිර්මාණය වී ඇත. රාජ්‍ය බදු ආදායම පහත වැටීම, බලශක්ති සැපයුම අඩාල වීම, ආහාර අර්බුදය, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය හා දරාගත නොහැකි අධික ජීවන වියදම මේ අතර ප්‍රධාන වේ.

ඒ අනුව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ලෙස වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට තීරණය කර ඇති අතර මෙසේ එහි පළමු පියවර ලෙස අද එක් දින සංකේත වැඩ වර්ජනය පැවැත්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment