ජෙරොම්ගේ කතා ගැන සජිත් නිහඬ ඇයි – හැරිසන් අසයි

176

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු බුදුදහමට කළ අපහාසය සම්බන්ධයෙන් විපක්‍ෂනායකවරයා විපක්ෂයේ මතය රටට ප්‍රකාශ කළ යුතු යැයි හිටපු ඇමැති පී. හැරිසන් මහතා ඊයේ (17 දා) පැවසීය.

ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අය මත පළකරමින් විවේචනය කර තිබුණත් ඒ සම්බන්ධයෙන් විපක්‍ෂනායකවරයා කිසිවක් ප්‍රකාශ කර නැතැයි ද ඊයේ (17 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හැරිසන් මහතා ප්‍රකාශ කළේය.

රට පුරා මහජනතාවගේ ප්‍රධාන මාතෘකාවක් වූමේ පුද්ගලයා පිළිබඳව විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට නොපෙනුණේ ඇයි ද කියා ඒ මහතාගෙන් තමා විමසීමක් කරන බව ද හැරිසන් මහතා කීය.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සම්බන්ධයෙන් විපක්‍ෂනායකවරයා කිසිවක් හෝ ප්‍රකාශ නොකරන්නේ ඔහු සමග වෙනත් සබඳතාවක් තියෙනවාද කියා අපට සැකයක් මතුවී තිබෙනවා යැයි ද හැරිසන් මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment