මල්වර උත්සවයෙන් පසු ඛේදවාචකයක්: – වැලිගම මුහුදේ දැරියෝ දෙදෙනෙක් සැගව යති

253

* තව දෙදෙනෙක් බේරා ගැනෙති:  – අතුරුදන් වූවන් අතර මල්වර වූ දියණියත්

වැලිගම වෙරළ තීරයේ ඊයේ (23 දා) දිය නාමින් සිටි පිරිසක් අතර සිටි දැරියන් සිව්දෙනකු හදිසියේම ආ දියවැලට හසුවී මුහුදට ගසාගෙන ගොස් ඇත.

මෙම අවස්ථාවේ වෙරළේ සිටි තරුණයකු මුහුදට පැන ගසාගෙන යන දැරියන් දෙදෙනකු බේරා ගෙන ඇත. අනෙක් දැරියන් බේරා ගැනීමට මහත් පරිශ‍්‍රමයක් දරා ඇතත් එය ව්‍යර්ථ වී ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ වැලිගම මූදුගමුව ප‍්‍රදේශයේ පැවැති මල්වර මංගල උත්සවයකට සහභාගි වීමට ගාල්ලේ බද්දේගම සිට පැමිණි නෑ පිරිසකි. එම මංගල්‍යය නිමාවීමෙන් පසු දා මල්වර වූ දියණිය ද කැටුව පවුලේ අය කුඩා ලොරි රථයකින් වැලිගම වෙරළට පැමිණ ඇත. ඒ වනවිට මල්වර උත්සවයට වෙහෙස මහන්සි වූ මල්වර වූ දියණියගේ මව්පිය දෙපළ නිවසේ සිට ඇත. ඔවුන්ට ද නොදන්වා එම දියණිය ද කැටුව මෙම අය පැමිණ ඇත. පසුව මුහුදේ දිය නාමින් සිටින අතරදී දියණියන් සිව්දෙනකු මුහුදේ ගසාගෙන ගොස් ඇත. අතුරුදන් වූ දියණියන් දෙදෙනා අතර මල්වර මංගල්ලය සිදුවූ දියණිය ද වෙයි. කේ. එච්. ඉසුරින්දි සහ ඉමල්ෂා මල්ෂානි යන දියණියන් මේ වනවිට මාතර මහරෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතර හංසි සහ දිනිති යන දියණියන් මුහුදු ජලයේ සැ`ගවී ගොස් ඇත. වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත. වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඞී. එම්. අබේසේකර මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක උපුල් තණ්ඩක්කාර මහතාගේ මූලිකත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අරඹා ඇත.

මාතර අතිරේක – ලලිත් පද්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment