ක්‍රිකට් පසුපස බහුවිධ කුමන්ත්‍රණයක් ඇතැයි ප්‍රමෝදය කියයි

488

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටම් වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණ කාරී වැඩපිළිවෙලක ප්‍රතිපලයක් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එය පසුගිය වසර දෙකහාමාරක කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමේදී ලද අත්දැකීම් හා නිරීක්ෂණ ඇසුරින් තමාට විශ්වාස කිරීමට සිදුව ඇතැයි ද පවසයි.ශ්‍රී ලංකාවට පැනවෙන ක්‍රිකට් තහනම එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් බවද සඳහන් කරයි. එම කුමන්ත්‍රණ පිටුපස තිබුනේ පෞද්ගලික අභිමතාර්ථ ඉටුකරගැනීම පමණක් බවද නමුත් ඔවුන් එය සමාජ ගතකරන්නේ ක්‍රීඩාව බේරාගැනීමේ අටියෙන් බව මවා පාමින් අතිශය දක්ෂ ලෙස සමාජය නොමග යවන බවද සඳහන් කරයි. මෙහි තරග පාවාදීමේ සූදුවේ නිරත තැරැව්කරුවන්, ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය තහවුරු කරගැනීමට වෙරදරන පුද්ගලයන් ද සිටි බව තම නිරීක්ෂණයට අනුව හෙළිවූ බවද පවසයි. මෙම කුමන්ත්‍රණකරුවන් අතදිගහැර වියදම් කර ඇති බවද පවසයි. මේ සියලු කුමන්ත්‍රණයන්හි අවසාන ඉලක්කය වී ඇත්තේ ක්‍රිකට් පිලිබඳව විවේචනයක් සමාජය තුළ ඉස්මතු කිරීම බවත් ඒ සදහා නව අමාත්‍යවරයාගේ පත්වීම කදිම අවස්ථාවක් වූ බවද සඳහන් කරයි. මෙම විවේචනයන් බොහෝවිට පදනම් වූයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සංචිතයකට නොකැදවීම පදනම් කරගෙන බවද සිය දීර්ඝ පැහැදිලි කිරීම මගින් ප්‍රමෝදය වික්‍රමසිංහ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment