යුක්‍රේන කාන්තාව බැංකුවේ පරිගණකයට රිංගලා කෝටියක් ඇදලා

92

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුවක ගිණුමක පරිගණක දත්ත පද්ධතියට ඇතුල් වූ යුක්‍රේන් ජාතික කාන්තාවක් එහි තිබූ රුපියල් එක්කෝටි විසිහත් ලක්‍ෂ හැටපන්දහසක මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම මහා වංචාවට සම්බන්ධ සැකකාරිය මීට පෙරත් මෙවැනි වංචාවන් සිදුකර ඇද්දැයි කියා රහස් පොලිසිය ඇයගෙන් ප්‍රශ්න කරගෙන යන අතර මෙම සැකකාරිය ජාත්‍යන්තර වංචනිකයකු විය හැකි බවට සැකකෙරේ. ඇය පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය පතන බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment