තවත් කොරෝනා මරණ 170ක්

853

කොවිඞ් – 19 වෛරසය ආසාදිතව පෙරේදා (17 දා) සිදු වූ තවත් මරණ 170ක් ඊයේ (18 දා) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග කොවිඞ් ආසාදිතව මෙරටදී මියගිය පුද්ගලයන්ගේ සමස්ත සංඛ්‍යාව 6604ක් දක්වා ඉහළ ගියේය.

කොවිඞ් – 19 වෛරසය ආසාදිත තවත් පුද්ගලයන් 2428ක් ඊයේ (18 දා) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඞ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 368111ක් දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එමෙන්ම කොවිඞ් – 19 වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 2188 දෙනකු ඊයේ (18 දා) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමග කොවිඞ් ආසාදිතව සිට සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 318,528 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment