නිවාඩුවට ගමේ ඇවිත් ගෙවල් බින්ද හිටපු සෙබළා අත්අඩංගුවට

364

ගාල්ල, බූස්ස යුද හමුදා කඳවුරේ රාජකාරි කරන යුද හමුදා සෙබළෙකු නිවාඩුවට පැමිණ ගෙවල් බිඳුම් සිදුකර සිටියදී ඉකුත් 09 දා අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.

සැකකරු කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචි ‘ආමි මල්ලී’ නමින් හඳුන්වන 43 හැවිරිදි පුද්ගලයකු බවද පොලිසිය කීය. නිවාඩු ලබා පැමිණ ගෙවල් බිඳුම් සිදුකර ඇති බවත්, නිවාඩු අවසන්ව නියමිත දිනට සේවයට වාර්තා කර නොමැති බවත් සඳහන් වේ. කළුතර, දූව පන්සල පාරේ නිවාස සොරකමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමෙන් පසු, ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ගමන් මල්ලක බහා අලෙවි කිරීමට රැගෙන යමින් සිටියදී කළුතර දකුණ පොලිසිය ආසන්නයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පො.ප. ධම්මික ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උ.පො.ප. වන්නිආරච්චි, පො.සැ. වරුන් වන ජයසිංහ (51130), සමන් (46226), ජයසිංහ (55260), පො.කො. වරුන් වන සුභාස් (33112), අමරසිංහ (97414), වීරසිංහ (102930), රාජපක්ෂ (100138), පො.කො.රි. ජයතිලක (13553) වැටලීමට එක්වූහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment