උලගල්ල වැවේ ගිලන්ව සිටි අග්බෝ ඇතාට හත්වන දිනටත් ප්‍රතිකාර

625

අග්බෝ ඇතාගේ ඉදිරි වම් පාදයට වෙඩි වැදීමකින් තුවාල ලබා තිරප්පනේ උලගල්ල වැවේ ගිලන්ව සිටිය දී පෙරේදා (03) දහවල් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රතිකාර කිරීම සිදු කෙරිණි.

ඉකුත් ජුනි මස 12 වනදා සිට අවස්ථා හයක දී මීට පෙර එම අග්බෝ ඇතාට ප්‍රතිකාර කර ඇතත් තුවාල සුව නොවීමෙන් හත්වන දිනටත් ප්‍රතිකාර කිරීම පෙරේදා (03) දින සිදු විය. තුවාල නිසියාකාරව සුව වී නොමැතිවීමෙන් දැඩි වේදනාවකින් උලගල්ල වැවේ එම ඇතා රැඳී සිටිනු දක්නට ලැබුණි.

මානන්කට්ටිය, මහකනදරාව, හබරණ, තිරප්පනේ යන ප්‍රදේශයන්හි අග්බෝ ඇතා ඉකුත් දින කීපයෙහි සැරිසරා ඇත. කොස්, අඹ කාලයන්හී දී ආහාර සොයා ගම් වදින මෙම ඇතාට බඳින කඳක් පත්තුවීමෙන් තුවාල සිදුව ඇති බවට වනජීවීය අනුමාන කරයි.

අනුරාධපුර පණ්ඩුලගම වනජීවි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා ඇතුළු වනජීවි නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (03) දින රෝගාතුර වූ ඇතාට ප්‍රතිකාර කෙරිණි.

වැවේ මැද සිටි ඇතා ගොඩට ගැනීමට අලි වෙඩි දමා වනජීවී නිලධාරීන් උත්සාහ කළද එය අසාර්ථක විය. පසුව ඔරු දෙකක් ආධාරයෙන් වැව මැදට ගොස් එන්නත් කිරීමට පශු වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු කණ්ඩායම තීරණය කළේ ය.

එහිදී එම ඇතාට දැඩි ලෙස ආදරය කරන වසර හයක් මෙරට හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත ජර්මානු ජාතික විදේශීය කාන්තාවක් වනජීවී නිලධාරීන්ට සහාය වෙමින් ඔරුව පැදවීමට ඉදිරිපත්වීම විශේෂත්වයකි.
තිරප්පනේ සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment