බඹරු සංගිලිකනදරාව විදුහල වසති

92

පාසලට බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් මැදවච්චිය, සංගිලිකනදරාව විදුහල තාවකාලිකව වසා දැමීමට අධ්‍යාපන බලධාරීහු ඊයේ (04දා) කටයුතු කළහ.

මෙම පාසලේ බඹර ගොටු 04 කට අධික ප්‍රමාණයක් බැඳ ඇති බවත් ඒ හේතුවෙන් සිසුන් දැඩි අවදානමකට ලක්ව ඇති අතර කඩිනමින් එම ගොටු ඉවත් කර දෙන ලෙසත් ඉල්ලා එම පාසලේ විදුහල්පතිනිය වන ඩී.එම්.එන්.කේ. දිසානායක මහත්මිය විසින් මීට මාස

ගණනාවකට පෙර සිට මේ දක්වා ලිඛිතව හා වාචිකව මැදවච්චිය සහ අනුරාධපුර වනජීවි කාර්යාල දැනුවත් කර ඇත. නමුත් වනජීවි නිලධාරින් දිගින් දිගටම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ උදෑසන 10 ට පමණ 600 ට ආසන්න සිසුන් සංඛ්‍යාවක් පාසලට පැමිණ සිටියදී මෙම බඹරුන් ඇවිස්සී ඇති බවත් විදුහලේ ප්‍රකාශකයෙක් පැවසීය. අනතුරුව විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් සහ සිසුන් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් ඒ පිළිබඳව කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව විදුහල (06 දා) දක්වා වසා දැමීමට අධ්‍යාපන බලධාරීහු කටයුතු කළහ. බඹර ප්‍රහාරයෙන් කිසිදු සිසුවකුට අනතුරක් සිදුව නොමැති බවටද පැවසේ.
මැදවච්චිය-ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment