බිත්තර කුකුළු මස් පිටරටන් ගෙන ඒම මේ වසරෙන් නවතියි – ඩී. බී. හේරත්

92

මේ වනවිට පිටරටින් ගෙන ඒමට සිදුව ඇති බිත්තර සහ කුකුළු මස් මෙම වසර (2023) අවසන් වනවිට මෙරට තුළ සම්පූර්නයෙන්ම සකසා ගත හැකි වනු ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11 දා) කීය.

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව් සතුන්ගේ ප්‍රමාණය වැඩි කිරීම, වැසී ගිය ගොවිපළ නැවත ඇරඹීම, පිටරටින් සංසේචිත බිත්තර ගෙන්වීම ආදී කරුණු නිසා එම අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම රට තුළින් ම සපුරාගත හැකි බව හෙතෙම පැවසීය.

ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කේ. පී. එස්. කුමාරසිරි (අනුරාධපුර) මහතා විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර මෙරටට සහල් ආනයනය කිරීම සඳහා මේ වනවිට කිසිම තීරණයක් ගෙන නැතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment