බිලියන 812 ක ප්ලාස්ටික් ගෙන්වලා – සියඹලාපිටිය කියයි

97

මෙරටට 2018 වසරේ සිට මේ දක්වා ප්ලාස්ටික් ද්‍රව්‍ය ගෙනඒමට රුපියල් බිලියන 812 ක් වැයකර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) කීය.

එසේ මෙරටට ගෙනැවිත් ඇති ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් බිලියන 02 ක් බව ද මන්ත්‍රී හේෂා විතානගේ මහතා (සජබ) විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.

මෙරටට ප්ලාස්ටික් ගෙන ඒම වැළැක්වීමට මේ වනවිට ගැසට් පත්‍ර 07 ක් නිකුත්කර ඇතැයි ද ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත් මේ වනවිට මෙරටේ ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව පෙනීයන්නේ යැයි ද කී ඇමැතිවරයා නීති පනවනවා වෙනුවට ආකල්පමය වෙනසක් තුළින් ප්ලාස්ටික් භාවිතය අඩු කළ යුතු බව ද වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment