බුත්තලට සුළිකුණාටු,අයිස් වැසි

3331

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසකට ඊයේ (09) වෙනිදා සවස මහවැස්සත් සමඟ හමාගිය සුළිකුණාටුවකින් නිවාස තිහකට පමණ අර්ධහානි සුදුවී ඇතැයි බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
මහ වැස්ස සමඟ අයිස්කැටද පතිතවූ බව ප්‍රදේශවාසීහු පවසති.
උනාවටුනලයුදඟනාවලපුහුල්කොටුවලදික්යායලඋඩගමලමැදගම සහ බුත්තල යන ග්‍රාම නිලධාරී කොට්ඨාස වලට මෙම සුළිකුණාටුව බලපා තිබූ අතර ගස් කඩාවැටීමෙන් බුත්තල-වැල්ලවාය මාර්ගය සහ අතුරුමාර්ග කිහිපයක ගමනාගමන කටයුතු ඇනහිට තිබිණි.
නිවාස තිහක පමණ සෙවිලිතහඩු සුළඟට ගසාගෙන ගොස් ඇති අතර නිවෙස් මතට ගස් කඩාවැටීමෙන් හානි සිදුවී තිබේ.
බුත්තල බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි ගසක් කඩාවැටීමෙන් එහි කටයුතු වලටද බාධා පැමිණ තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment