තැන්පත් මුදල ඉල්ලා ගනුදෙනුකරුවෝ උද්ඝෝෂණයක

341

කරුණාරත්න ගමගේ

පොලොන්නරුව, වීරපුර පිහිටි සණස බැංකුවේ තැන්පත් කර ඇති තම මුදල්
ආපසු ලබාදෙන ලෙස ඉල්ලා බැංකුවේ ගනුදෙනුකරුවන් පිරිසක් ඊයේ(29*
පෙරවරුවේ එම බැංකුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූහ.

ගනුදෙනුකරුවන් විසින් තැන්පත් කර ඇති රුපියල් කෝටි 05කට ආසන්න
මුදලක් මේ වනවිට බැංකුවේ පාලන අධිකාරිය විසින් වංචාකර ඇතැයි
උද්ඝෝෂණකරුවෝ චෝදනා කළහ. මේ නිසා තම තැන්පත් මුදල් ආපසු ගෙවීමට
බැංකුව අපොහොසත්ව ඇති බවද ගනුදෙනුකරුවෝ කියා සිටිති. එහෙයින් මේ
පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා තමන්ට සාධාරණයක් ඉෂ්ඨකර දෙන ලෙස
ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවද ඔවුහු කියා සිටියහ.

පොලොන්නරුව, තමන්කඩු දෙපළාතේ අධිකරණ සංඝනායක, පොලොන්නරුව
පුලස්තිගම ශ‍්‍රී ශාක්‍යබිම්බාරාමය, වීරපුර ශ‍්‍රී නීග්‍රෝධාරාමය යන විහාරයන්හි උභය
විහාරාධිපති පූජ්‍ය යටිහලගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේද මේ අවස්ථාවට
වැඩමකර සිටි අතර මේ ගැටලූවට මුහුණපා සිටින පිරිස තම විහාරස්ථානවල දායක
පිරිස් බවද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment