චීනයට මියන්මාරයේ විරෝධය

678


චීනය මියන්මාර හමුදා පාලනය සමග කටයුතු කිරීමට කැමැති බව චීන විදේශ ඇමැති වැන්ග් යී මහතා ප‍්‍රකාශ කර ඇත.ඒ අනුව චීන ආයෝජකයින් එරට ආයෝජනය සඳහා යොමුකරන බවද පවසා තිබේ.මෙය ආසියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට බලපෑමක් යැයි දේශපාලන විචාරකයෝ පවසති.මියන්මාරයේ මහජන ඡන්දයෙන් පත්වූ අවුන්සාන් සුකී පාලනය 2021 වසරේදී පෙරලා දමා එරට හමුදාව පාලන බලය අල්ලා ගනු ලැබීය.එවැනි හමුදා පාලනයක් සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් වීම ආසියාවේ දේශපාලනයට බලහත්කාරයෙන් අතපෙවීමක් යැයිද තම රට විදේශ රටක මෙහෙයවීම මත පාලනය වනු කිසිසේත්ම පිලිගන්නේ නැතැයි මියන්මාර ජනතාව පවසති.මියන්මාර හමුදා පාලනයට විරෝධය පළ කළ එරට වැසියන් 1.700ක් පමණ මේ වන විට ඝාතනයට ලක්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment