ජනපති ගියොත්  රට අරාජිකයි – සජිත් ආණ්ඩුව  ගන්නවා නම්  සහාය දෙන්න  ශ්‍රීලනිපය ලෑස්තියි – දයාසිරි ජයසේකර

178

සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට භාර ගන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහාය ලබාදීමට සූදානම් බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 ඊයේ (11 දා) කොළඹ දී මහා සංඝරත්නය සමඟ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බැව් සඳහන් කළේය.

 එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

 ජනාධිපතිවරයා යනකම් අගමැතිවරයා පත් කරන්න බැහැ කියන මතයේ ඉන්නවට වඩා අපි කියන්නේ නායකත්වය අරගෙන වැඩ කරන්න කියායි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුලින්ම ඒ සඳහා ආරාධනා කර ඇත්තේ විපක්‍ෂ නායකවරයාටයි. එම ආරාධනය විපක්‍ෂ නායකවරයා පිළිගන්නේ නැතිනම් ඊළඟ පියවර සම්බන්ධව සලකා බලන්න වෙනවා. පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ 11 ක නායකයන් සමගත් මේ සම්බන්ධව අප සාකච්ඡා කරන්න සූදානම්.

 රට ආරාජික කරන්න බැහැ. ජනාධිපතිතුමා ඉවත් වුණොත් රට ආරාජික වෙයි. එවිට ජනාධිපතිත් නැහැ.

 අගමැතිත් නැහැ. ඒ නිසා මුලින්ම කළ යුත්තේ අගමැතිකම භාර ගැනීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment