මැතිවරණයකදී රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම හා රාජකාරිය කුමක්ද?

48

විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස විමසා සිටී

මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු මුදල් අමාත්‍යාංශයේ ලේකම් පොලිස්පති හා රජයේ මුද්‍රණාලයාධිපතිනියගේ වගකීම් හා රාජකාරි කවරේද යන්න ප්‍රකාශ කරන ලෙස විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.

ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රකාශයක් කරමින් විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් මේ බව විමසා සිටියේය.

මුද්‍රණාලයාධිපති වශයෙන් කටයුතු කරනු ලබන නිලධරයා කවු ද? මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු ඒ සම්බන්ධයෙන් මුද්‍රණාලයාධිපතිගේ වගකීම්/රාජකාරී කවරේද? භාණ්ඩාගාර ලේකම් වශයෙන් කටයුතු කරනු ලබන නිලධරයා කවුද? මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු භාණ්ඩාගාර ලේකම්ගේ වගකීම්/රාජකාරී කවරේ ද? පොලිස්පති වශයෙන් කටයුතු කරන්නේ කවුද? මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු ශ්‍රී ලංකා පොලීසියේ වගකීම්/රාජකාරී කවරේද? මෙම පිරිස් ඔවුන්ගේ වගකීම්/රාජකාරී පැහැර හැර තිබේද? ඒ කෙසේද? එසේනම්, ඒ සඳහා වගකිව යුත්තේ කවුරුන්ද? මෙම වගකීම් නොපිරිහෙලා ඉටු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන පවතීද? ඒ කවරේද? මෙම සියලු‍ නිලධරයන්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නියෝග/උපදෙස් කවරේද?

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment