එල්. ඕ.එල්.සී. ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් කොටස් මිල විශාල ලෙස ඉහළ යෑම ගැන පරීක්ෂණයක්

185

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 පසුගිය දිනවල එල්. ඕ. එල්. සී. ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ කොටස් මිල විශාල ලෙස ඉහළ යෑම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
 
 මේ අනුව අදාළ සිද්ධිය ගැන කොටස් හුවමාරුව විසින් සොයා බලා හඳුනා ගන්නා තොරතුරු ශ‍්‍රී ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිසමට වාර්තා කරන බව ද කොළඹ කොටස් හුවමාරුව පවසයි.
 
 ඒ අනුව මේ සඳහා ක‍්‍රියාමාර්ග ගැනීමට බලය ඇත්තේ ශ‍්‍රී ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිසමට බව එම හුවමාරුව පවසයි.
 
 ශ‍්‍රී ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිසම එල්. ඕ. එල්. සී. ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ කොටස් මිල ඉහළ යෑම ගැන අවධානයෙන් සිටින බවත් ඒ ගැන කොළඹ කොටස් වෙළෙඳපොළෙන් තොරතුරු ඉල්ලා ඇති බවත් ශ‍්‍රී ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ (බාහිර සම්බන්ධතා සහ වෙළෙඳපොළ අධ්‍යයන* තුෂාර ජයරත්න මහතා ද ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.
 
 අදාළ කොටස් ගනුදෙනු හරහා කිසියම් කොටස් වෙළෙඳපළ අක‍්‍රමිකතාවක් සිදුව තිබේ නම් ඒ අක‍්‍රමිකතා කළ පුද්ගලයන්ට එරෙහිව කොමිසම කටයුතු කරන බව ද ජයරත්න මහතා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment