Unilever Sri Lanka හි වාණිජ වෙබ් අඩවියෙන් පාරිභෝගිකයින්ට සුවිශේෂී අත්දැකීමක් පිරිනැමීමට, CBL Group සමඟ අත්වැල් බැඳ ගනියි

79

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Unilever Sri Lanka සමාගමේ නිල වාණිජ වෙබ් අඩවිය වන Ustore.lk දැන් CBL Group හා ඇති කරගත් හවුල්කාරිත්වයෙන් එහි නිෂ්පාදන පරාසය තවදුරටත් පුළුල් කර තිබේ.

ඒ අනුව, Ustore.lk නිෂ්පාදන පුළුල් කිරීමේ අදියර මාලාවක පළමු වැන්න ලෙසින් එළඹුණු මෙම සුවිශේෂී පියවර මගින්, අන්තර්ජාල සාප්පු සවාරි අත්දැකීම් පාරිභෝගිකයින්ට වඩාත් පහසු කරමින්, ශ්‍රී ලංකාවේ ඊ – වාණිජ වෙළෙඳාම සාර්ථකව මෙහෙයවීමේ Unilever Sri Lanka අඛණ්ඩ කැපවීමද පිළිබිඹු කෙරේ.

Ustore.lk මුල්වරට දියත් කෙරුණු 2019 වසරේ පටන්ම නොමද පාරිභෝගික පිළිගැනීමට පාත්‍ර විණි. ඒ, ඔවුන්ට සිය නිවෙස්වල සුවපහසුව හිඳින අතරෙහිම, භාණ්ඩ ඇණවුම් කර නිවසටම ගෙන්වාගත හැකි බැවිනි. ප්‍රකට වෙළෙඳ සන්නාමයන්ගෙන් වෙළෙඳ පොළ ජයගත් බිස්කට් හා රසකැවිලි, කුළුබඩු, ධාන්‍ය වර්ග, පොල් කිරි සහ සීරියල් ඇතුළුව භාණ්ඩ වර්ග 80 කට අධික ප්‍රමාණයක් දැන් CBL Group වෙතින් එක් කිරීමත් සමඟ, ප්‍රවාහන ගාස්තුවලින් තොරව දිවයින පුරා බෙදා හැරෙන නිෂ්පාදන 300 කට අධික ප්‍රමාණයකින් මෙම වාණිජ වෙබ් අඩවිය සමන්විතය.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment