විදුලි බිල 18% කින් නැග්ග හැටි

368

ඒකක 30 – රු 10 සිට 12 දක්වා වැඩි වෙයි

ඒකක 31 – 60 රු 25 සිට රු. 30ට නගී

ඒකක 61 – 90 රු. 35 සිට රු. 41 දක්වා වැඩිවේ

මෙම වසරේදී තුන්වැනි වතාවටත් විදුලි ගාස්තු සංශෝධනය කරමින් ඉකුත් 18 වැනිදා සිට විදුලි ගාස්තුව සියයට දහඅටකින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) අවසර දී ඇත.

ඒ අනුව ස්ථාවර ගාස්තු හා විදුලි ඒකක ගාස්තු ඒ ඒ කාණ්ඩවලට අනුව ඉහළ යන්නේ මෙලෙසිනි.

ඒකක 0-30 කාණ්ඩයේ ස්ථාවර ගාස්තු රුපියල් 150 සිට 180 දක්වා වැඩි වී ඇත. එමෙන්ම එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 10 සිට 12 දක්වා වැඩි වී ඇත.

ඒකක 31-60 කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට 360 දක්වා වැඩි වී ඇත. එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 25 සිට 30 දක්වා වැඩි වී තිබේ.

ඒකක 61 – 90 කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට රුපියල් 480 දක්වා ඉහළ දමා ඇත. ඒ අනුව ඒකකයක මිල රුපියල් 35 සිට 41 දක්වා වැඩි වේ.

ඒකක 91 – 120 කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1000 සිට 1180 දක්වා වැඩි වී ඇති අතර එම කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 91 සිට 120 දක්වා වැඩි වී තිබේ.

ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 1770 දක්වා වැඩිවන අතර ඒකකයක මිල රුපියල් 50 සිට 59 දක්වා වැඩි වේ.

ඒකක 180 ට වැඩි කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 2000 සිට 2360 දක්වා වැඩි වේ. ඒ අනුව එම කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 75 සිට රුපියල් 89 දක්වා වැඩි වේ.

මෙම නව ගාස්තු සංශෝධනය ලංවිම හා ලංකා විදුලි පෞද්ගලික සමාගමෙහි විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ හැත්තෑ එකකටම පොදුය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment