ඡන්ද ඇප මුදල් විශේෂ අරමුදලක – මැතිවරණ කොමිසම

109

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා දේශපාලන පක්‍ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් ලෙස තැන්පත් කළ රුපියල් මිලියන 186ක මුදල විශේෂ අරමුදලක පවතින බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය.

එම මුදල් කිසිසේත් වෙනත් කටයුත්තකට යොදා ගත නොහැකි බවද හෙතෙම කීය.

මැතිවරණයෙන් පසුව ජය ගන්නා පක්‍ෂවලට තැන්පත් කළ ඇප මුදල් නැවත ලබාදිය යුතු බවත් පරාජය වන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වල ඇප මුදල් රාජසන්තක වන නිසා එම මුදල් ප්‍රමාණය පමණක් භාණ්ඩාගාරයට යවන බවත් හෙතෙම කීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ ද එලෙස රාජසන්තක වූ ඇප මුදල් රුපියල් මිලියන 50ක් පමණ භාණ්ඩාගාරය වෙත යවා ඇති බවත් ජයගත් පක්‍ෂවලට තැන්පත් කළ ඇප මුදල් නැවත ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment