මල්ලවපොර ක්‍රීඩිකාව කබඩි පුහුණුකාරියක් වෙයි

266

කත්‍රා හි පැවති මෙගා ඉසව්වකට සහභාගි වූ කාශ්මීරයේ පළමු කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවක වන නහිදා නබි දැන් කබඩි ක්‍රීඩාවේ වඩාත් ක්‍රියාශීලී වන අතර තරුණ තරුණියන්ට පුහුණු කරන්නීය.ඇය ආසියාවේ විශාලතම ක්‍රීඩා ආයතනය වන නේතාජි සුභාස් ජාතික ක්‍රීඩා ආයතනයට තේරී පත් වූ අතර දිස්ත්‍රික්, ප්‍රාන්ත සහ ජාතික මට්ටමේ තරග රැසකට සහභාගි වී ඇත.

 “මම කබඩි ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන අතර මෙම ක්ෂේත්‍රයේ දස්කම් දැක්වීමට මා පෙලඹවූයේ මගේ ආශාවයි. මම කබඩි ක්‍රීඩාවේ සති අටක විශේෂ සහතික පත්‍ර පාඨමාලාවක්ද කළා.” ඇය පවසන්නීය.

ක්‍රීඩාවට ඇයගේ දායකත්වය සිහිපත් කරමින් ඇය පැවසුවේ 2003 දී ජම්මු හි පැවති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය කබඩි රන් කුසලාන ශූරතාවලියේදී ඇය සිය පළමු තරගය ක්‍රීඩා කළ බවයි. ඉන්පසුව ඇය තරගකාරී තරගාවලි රැසකට ක්‍රීඩා කර ක්‍ෂේත්‍රයේ දස්කම් දැක්වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment