කුමාර වෙල්ගමට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

215

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඇතුළු තිදෙනකුට කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේදී අමානුෂික ලෙස පහර දී ඔවුන් ගමන් ගත් ජීප් රථයට ගිනිතබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු පොලිසිය මගින් පෙරේදා (26 දා) අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 09 වැනිදා රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා පැවැති දින රාත්‍රි මෙම ප්‍රහාරය එල්ලවූ අතර එහිදී කුමාර වෙල්ගම මහතා, ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා සහ රියැදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු පන්නිපිටිය මාකුඹුර ප්‍රදේශයේ පදිංචි ආපනශාලාවක් පවත්වාගෙන යන 37 හැවිරිදි පුද්ගලයෙකි.

අනෙක් සැකකරු හොරණ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සෞඛ්‍ය සේවයේ සුළු සේවකයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment