අරගලයට දින 50 යි

146

ජනාධිපතිවරයාට වහා ඉල්ලා අස්වන ලෙසට බල කරමින් කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජන අරගලය අද (28 දා) 50 වැනි දිනයටත් ක්‍රියාත්මක වෙයි.

ජන අරගලයට දින 50ක් පිරෙන මොහොතේ විරෝධතාවන්, සැමරුම් කීපයක් සංවිධානය කර තිබෙන බව අරගල භූමියේ ක්‍රියාකාරීහු ‘දිවයින’ට පැවසූහ.

පෙරේදා (26 දා) රාත්‍රියේත් අරගල භූමියට විශාල පිරිසක් එක්ව සිටියහ.

අරගල භූමියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වූ රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා මෙසේ කීය.

දැන් නාමල් රාජපක්ෂ කියනවා මේ ගෝල්ෆේස් අරගල භූමියේ ඉන්න තරුණයින් පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා. අද අපේ ජනතාව පාරවල්වල මැරිලා වැටෙන්නේ උඹලව නිසි වෙලාවට පුනරුත්ථාපනය නොකරපු නිසා. අරගලයට දින 50ක් පිරෙන අද (28 දා) දවසේ උඹලාව පුනරුත්ථාපනය කරන සටන අපි පටන්ගන්නවා. මේ අරගලයේ දෙවැනි රැල්ල අපි පටන්ගන්නවා. මේ මර්දනයට එරෙහිව අපි ඔක්කොම පාරට බහිනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment