ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව පසුගියදා කදුරුවෙලදී විවෘත කරන ලදි.

මෙම නව ශාඛාව අංක 766/A, සොමියල් හන්දිය, මඩකලපුව පාර, කදුරුවෙල යන ස්ථානයේ පිහිටා ඇති අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉහළ වර්ධන හැකියාවක් සහිත ප්‍රදේශ වෙත තම සේවාවන් ව්‍යාප්ත කිරීමට Mahindra IDEAL Finance සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම ශාඛාව විවෘත කරන ලදි.

කදුරුවෙල ශාඛාව Mahindra IDEAL Finance Limited විවෘත කළ 32 වැනි ශාඛාවයි. රට පුරා විවිධ ප්‍රදේශවල වෙසෙන ජනතාවට වඩාත් පහසුවෙන් මූල්‍ය සේවාවන් ලබාගනිමින් තම දියුණුව සාක්ෂාත් කරගැනීම සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් Mahindra IDEAL Finance Limited මේ ආකාරයට තම ශාඛා ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් සිටී. නව කදුරුවෙල ශාඛාව ඔස්සේ එම ප්‍රදේශයේ ජනතාවට විශිෂ්ට තලයේ මූල්‍ය සේවාවන් සලසමින්, ප්‍රදේශයේ ආර්ථික දියුණුවට අත්වැලක් වීම සමාගමේ අපේක්ෂාව වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment