ලංකාවේත් පිටරටත් මට තිබුණු එකම ගෙදරත් ලොකුම ධනයත් මට නැති වුණා

455

ජනතාව විඳින දුකට  සමාව ඉල්ලුවා
මගේ  එකම වස්තුව පුස්තකාලයයි
මම අගමැතිකම භාරගත්තේ ජනතාවගේ දුක දැක්ක නිසායි
දවසෙන් දෙකෙන් ආර්ථිකය හදන්න බැහැ
අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ලංකාවේත් පිටරටත් මට තිබුණු එකම ගෙදරත් ලොකුම ධනයත් මට නැති වුණා

රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය දවසෙන් දෙකෙන් විසඳන්න බැහැ. මිනිස්සු විඳින දුක මම දන්නවා. ඒ ගැන මම සමාවත් ඉල්ලා තිබෙනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11 දා) පැවසීය.

ලංකාවෙත් පිටරටත් තියෙන තමාගේ එකම නිවසට ගිනි තැබීමෙන් තම ලොකුම ධනය වූ පුස්තකාලය ඇතුළු සියල්ල විනාශ වී ගිය බව ද අගමැතිවරයා ඊයේ (11 දා) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

අගමැතිවරයාගේ එම විශේෂ ප්‍රකාශය මෙසේය.

මම අගමැතිකම භාරගත්තේ රටේ ආර්ථිකය කඩාවැටුණු නිසයි. ඇත්ත වශයෙන්ම ආර්ථිකය ගෙනියන්න බැරිවුණ අවස්ථාවකයි. ජනතාව දුක් වින්දා. බොහෝ දෙනකුගේ රැකියා නැතිවුණා. ජීවන වියදම වැඩිවෙනවා. ඒ වගේම ඉන්ධන නැතිව හිටියා. විදේශ විනිමය නැතිව හිටියා. මෙහෙම දුකක් මීට ඉස්සර මම දැලකා තිබුණේ නැහැ. ඒක නිසයි මම අගමැතිකම භාරගත්තේ.

ඒ එක්කම අපේ ආර්ථිකය හදන්න උත්සහ කළා. මේක දවසෙන් දෙකෙන් කරන්න බැහැ. මූලික පියවරට අවුරුද්දක්වත් යනවා. විශේෂයෙන් අවුරුදු 04 ක් අවශ්‍යයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා. පළමු අවුරුද්ද තමයි අමාරුම අවුරුද්ද. මම අගමැති වෙච්ච කාලෙත් මේ ප්‍රශ්න තිබුණා. ඉන්ධන පෝලිම් වැඩිවුණා. විශාල ප්‍රශ්න තියෙනවා. ඒවාට මුහුණ දෙන්න ඕනෑ. මේ මාස කිහිපයේදී එය වැඩිවෙනවා.

මිනිස්සු විඳින දුක මම දන්නවා. ඒ ගැන මම සමාව ඉල්ලා තියෙනවා. ඒත් අපි එකතුවෙලයි මේ ගමන යන්න ඕනෑ. එහෙම අවස්ථාවකදී විශේෂයෙන්ම 09 වැනි සෙනසුරාදා අරගලය පැවති අවස්ථාවේදී මට තිබුණු

රැස්වීම් කල්දාලා ගෙදර හිටියා. හැන්දෑවරුව වෙනකොට මට පොලිසියෙන් දැනුම්දීමක් කළා මේ අරගලයට සහභාගි වෙලා යන පිරිස් මගේ ගෙය පසුකරගෙන යන නිසා කෑගහන්න පුළුවන් නිවසින් පිටවෙලා යන්න කියලා.

ඒ අනුව මමත් මගේ භාර්යාවත් නිවසින් පිටවෙලා ගියා. අපි ගියාට පසුව තමයි ගෙට ගිනි තියලා තියෙන්නේ. මට තිබුණු එකම ගෙදර. ලංකාවෙත් පිටරටත් තියෙන එකම ගෙදර ගිනිබත් කරලා. මගේ ලොකුම ධනය වුණේ පුස්තකාලය. පොත් 2500 ක් තිබුණා. පෘතුගීසි, ලන්දේසි වැනි අවුරුදු 300 කට, 400 කට එහා ලියපු ප්‍රසිද්ධ පොත්පත් තිබුණා. මේ පොත් හැමදාම අපි ළඟ තියාගන්න බැහැ. මමයි බිරිඳයි එකතු වෙලා මේවා එක එක පුස්තකාලවලට දෙන්න, රාජකීය විiාලයට දෙන්න. පැරණිම පෘතුගීසි, ලන්දේසි පොත් පේරාදෙණිය විශ්වවිiාලයට දෙන්න, ජාත්‍යන්තර කටයුතු කරන ආයතනයකට දෙන්න වෙන් කරලා තිබුණේ. ඒ එක්කම දෙන්න බි්‍රතාන්‍ය යුගයේ අවුරුදු 200 ක් විතර පැරණි චිත්‍ර ගණනාවක් තිබුණා. අද මට ඉතුරුවෙලා තියෙන්නේ ඕලන්ද යුගයට අයත් විමලධර්මසූරිය රජතුමා ඕලන්ද තානාපති මුණගැහෙන එක විතරයි. අනිත් හැම එකක්ම විනාශවෙලා.

මගේ ළඟ ත්‍රිපිටකය, බුදුදහම ගැන පොත් තිබුණා. ඒ එකක්වත් මෙතන නැහැ. වටිනා බුද්ධ රූප 15 ක් 20 ක් විතර තිබුණා. එකක් ඉතුරුවෙලා තියෙනවා. අපේ වර්තමාන කලාකරුවන් කළ නිර්මාණ එකක්වත් නැහැ.

මේකට පසුබිමක් තියෙනවා. එදා සවස 4.00 ට පක්‍ෂ නායක රැස්වීමක් තිබුණා. මම සිටිය ස්ථානයේ සිට සූම් එකෙන් කතා කළා. අනාගත වැඩසටහන් ගැන කතා කළා. ජනාධිපති ඉවත්විය යුතුයි. ඊළඟට ගතයුතු පියවර ගැන කතා කළා. ජනාධිපතිතුමා ඉවත්විය යුතු බවත් අලුත් ආණ්ඩුවක් ඇති කළ යුතු බවත් යෝජනා වුණා. එතැනදී විපක්‍ෂය යෝජනා කළා ජනාධිපතිතුමයි, අගමැතිතුමයි ඉවත් වෙලා ජනාධිපතිතුමාගේ වැඩකටයුතු කථානායක භාර අරගෙන ඊට පස්සේ ආණ්ඩුවක් ඇතිකළ යුතුයි කියලා.

ආණ්ඩු පක්‍ෂයේ අය නිශ්ශබ්දව හිටියා. පස්සෙ දැනුම් දෙන්නම් කියලා. මම ඒ වෙලාවේ කිව්වා මේකට කල් යනවා. ජනාධිපතිතුමාට ඉල්ලා සේවෙන්න කියන්න. සර්වපාක්‍ෂික ආණ්ඩුවක් ඇති කරන්න. සර්ව පාක්‍ෂික ආණ්ඩුව ඇති කළාම මම අගමැතිකමෙන් ඉවත් වෙන්නම් කියලා. එතකොට සර්ව පාක්‍ෂික ආණ්ඩුවේ අයට තීරණය කරන්න පුළුවන් කවුද ජනාධිපති කරන්නේ කියලා. මම කිව්වා මේක කල් දාන්න බැහැ. ලබන සතියේ ඉන්ධන හොයාගන්න ඇතුළු වැඩකටයුතු තියෙනවා කියලා. මේ සාකච්ඡාව අවසන් වෙන්න පෙර රවුෆ් හකීම් ඇමැතිතුමා කිව්වා ට්ව්ටර් එකක් ගිහින් තියෙනවා මම ඉවත්ව යන්න අකමැතියි කියලා. මේක එක්තරා විiුත් මාධ්‍ය ආයතනයකට ගියාම ඒක ප්‍රචාරය වුණා. මම නිවේදනය කළා මේක වැරදි ප්‍රකාශයක් කියලා.

මගේ කතාව විකෘති කරන්න එපා. මගේ නිවස ගිනිතබා විනාශ කරයි කියලා මම එම ආයතනයේ ප්‍රධානියාටත් කිව්වා. එම මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් කිහිපදෙනකුට පොලිසිය පහරදුන්නයි කියලා ප්‍රචාරය කරලා ජනතාව එතනට ගෙන්වන්න එම ආයතනය කටයුතු කළා. ආණ්ඩුවක් කටයුතු කරන්න ඕන ව්‍යවස්ථාව අනුවයි. අපිටත් ඕන සර්වපාක්‍ෂික ආණ්ඩුවක් ඇතිකරන්නයි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment