අයිඑම්එෆ් පස්සේ තව තව කොඩි ඉස්සේ

1012

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ද සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් ලබාගැනීමට අපේක්‍ෂා කරන බව
ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3ක ණය පහසුකමක් අනුමත කළ අතර එය වසර හතරක දී කොටස් වශයෙන් ලැබීමට නියමිතය.

ආර්ථිකය ස්ථායි කිරීම සහ රටේ ආර්ථික වර්ධන හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් නිශ්චිත කාල රාමුවක් සහිත පුළුල් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දී එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මහ බැංකුව පවසන්නේ මෙම වැඩසටහන් මෙන්ම ණය ප්‍රතිව්‍යුගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමත් සමග ඉදිරි කාලයේ දී ගෙවුම් ශේෂ පීඩනය සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment