හෙට දිනයේ ශූරයන් බලගන්වමින් ‘Dialog Big Match Season’ දියත් වෙයි

36

ප්‍රධාන පෙළේ පාසල් දාහතරක් සහභාගි වන “බිග් මැච්” තරග හතක් සඳහා අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආසිආටා පී.එල්.සී. ඉදිරිපත් වී ඇත.

‘2024 Dialog Big Match Season’ ලෙස එය ක්‍රියාත්මක වේ.

ඩයලොග් ආසිආටා පී. එල්. සී හී සමූහ ප්‍රධාන අලෙවි නිලධාරි ලසන්ත තෙවරප්පෙරුම මහතා ඒ පිළිබඳව මෙසේ පවසා සිටියේය. ‘ප්‍රධාන පෙළේ පාසල් බිග් මැව් තරගාවලි 7ක් වෙනුවෙන් සිය සාඩම්බර අනුග්‍රහය පුද කරනවා. මේ ‘මහ තරග සමය’ යනු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා උරුමයේ කැපී පෙනෙන අංගයක්. අපගේ රට නියෝජනය කිරීමට නියමිත අනාගත ක්‍රිකට් ශූරයන් පෝෂණය කරන මේ සුවිශේෂී ක්‍රිකට් සැමරුම වෙනුවෙන් සහාය දැක්වීමට හැකිවීම ගැන අප මහත් සතුටට පත්වෙනවා. සතුට පිරුණු තරග වාරයක් වෙනුවෙන් මම සියලුම කණ්ඩායම් සහ ක්‍රීඩකයන් වෙත මගේ සුබපැතුම් එක්කරනවා” යැයි ඔහු මේ වෙනුවෙන් සිය සුභාශිංසන පිරිනැමීය.

මාර්තු 7 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ලොව දෙවැනි දීර්ඝතම මහ තරගය වන 145 වැනි නිල් මහ සටන සඳහා අභිමානවත් 19 වැනි වසරට ද ඩයලොග් ආසිආටා පී.එල්.සී අනුග්‍රහය හිමි වේ. එසේම කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය අතර 90 වැනි ශාන්තුවරයන්ගේ සටන‘ වෙනුවෙන් ද ඩයලොග් සමාගම සිය සහය පිරිනමයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කතෝලික පාසල් දෙකක් අතර පැවැත්වෙන මෙම ඝටන මාර්තු 22 සහ 23 යන දෙදින කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වීමට යෙදී තිබේ.

එම අනුග්‍රහකත්වය උතුරු පළාත දක්වාද විහිදුවමින්, ඩයලොග් ආසිආටා පී.එල්.සී. මුල් පෙළේ මහ තරග දෙකක් වෙනුවෙන් තම අනුග්‍රහය පිරිමන අතර, ඒ අනුව යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය අතර 117 වැනි ‘උතුරු මහා සටන’ මෙන්ම ශාන්ත පැටි්‍රක් විද්‍යාලය සහ යාපන විද්‍යාලය අතර උතුරු රන් මහා සටන වෙත අදාළ අනුග්‍රාහකත්වයන් හිමි වේ. මෙම ‘ උතුරු සටන’ මාර්තු 7, 8 සහ 9 යන දිනවල යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේද, උතුරු රන් මහා සටන’ මාර්තු 1 සහ 2 යන දිනයන්හිදී ශාන්ත පැටි්‍රක් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර මාර්තු 15 සහ 16 වැනි දිනවල පවත්වනු ලබන 105 වැනි උඩරට ‘නිල් මහ සටන’ ද ඩයලොග් විසින් බලගන්වනු ලබයි. එසේම බස්නාහිර පළාතේ පැවැත්වෙන තවත් රන් මහා සටන් දෙකක් වෙනුවෙන්ද ඩයලොග් ආසිආටා පී.එල්.සී සහය හිමිවන අතර ඒවා නම් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලත් මොරටුව වේල්ස් කුමර විදුහලත් අතර සටන සහ පානදුර ශ්‍රී සුමංගල විදුහලත් මොරටු විද්‍යාලය අතර සටන වේ. අදාළ 74 වැනි මොරටු රන් සටන මාර්තු 8 සහ 9 වැනිදා පී. සරා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර 72 වැනි රන් සටන මාර්තු 29 සහ 30 වැනිදා මොරටුව දි සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ප්‍රේක්ෂකයන් හට ඩයලොග් ටෙලිවිෂන් හී නාලිකා අංක 126 න් ThePapare TV ඔස්සේ High Definition ThePapare’com 3 Dialog ViU app ® නැරඹිය හැක.

advertistmentadvertistment
advertistmentadvertistment