අන්තර් සංගම් නෙට්බෝල් ශූරතාව රාජ්‍ය සේවා කණ්ඩායමට

74

අන්තර් සංගම් නෙට්බෝල් තරග ශුරතාවලියේ ජයග්‍රහණය රාජ්‍ය සේවා කණ්ඩායමට හිමි විය.

අවසන් තරගය ඊයේ කොළඹ ටොරිංටන් ක්‍රිඩාංගණයේදී පැවැත්වූ අතර 49/32 ක් ලෙස වෙළෙඳ සේවා කණ්ඩායම පරදවමින් රාජ්‍ය සේවා කණ්ඩායම එම කුසලානයට හිමිකම් කීය. පළමු අවසන් පූර්ව තරගය වෙළෙඳ සේවා කණ්ඩායම සමග මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම අතර පැවති අතර ලකුණු 25/12 ක් ලෙස වෙළෙඳ සේවා කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය.

අන්තර් සංගම් නෙට්බෝල් ශූරතාව රාජ්‍ය සේවා කණ්ඩායමට

දෙවන අවසන් පූර්ව තරගයට රාජ්‍ය සේවා කණ්ඩායම සමග තරුණ සේවා කණ්ඩායම තරග වැදි අතර එහි ජයග්‍රහණය රාජ්‍ය සේවා කණ්ඩායමට ලකුණු 25/13ක් ලෙස හිමි විය.

සමස්ත තරගාවලියේ නෙට්බෝල් රැජින ලෙස රාජ්‍ය සේවා කණ්ඩායම නියෝජනය කළ පුර්ණිමා ලක්මාලි කිරුළු පැලඳීය.

ඒ අනුව මෙම තරගාවලියේ අනුශූරතාව වෙළෙඳ සේවා කණ්ඩායමට හිමි වූ අතර තෙවන ස්ථානය තරුණ සේවා කණ්ඩායම ලකුණු 40/39 කින් පරාජය කළ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමට හිමි විය. පුරා දෙදිනක් පැවැති මෙවර තරගාවලියට අනුග්‍රාහකත්වය එන්චාන්ට(ර්) ආයතනය විසින් දක්වන ලදි.

දක්ෂතම රකින්නිය ලෙස චතුරංගි ජයසූරියත් දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස දුෂානි බණ්ඩාරත් දක්ෂතම විදින්නිය ලෙස දෙව්නා රංදිනි ත් සම්මාන ලැබූහ.

ශිරන්ති ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment