දින දෙකට විදුලි විසන්ධි වීම් 14000ක් – ඇමැති කංචන කියයි

156

රටේ පෙරේදා සහ ඊයේ යන දින දෙකේ දීප ව්‍යාප්ත වශයෙන් විදුලිය විසන්ධි වීම් දාහතරදහසකට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 දා) පැවසීය.

එම බිඳවැටීම් හේතුවන් විදුලි පාරිභෝගිකයන් පනස්දහසකට අධික පිරිසකට විදුලිය විසන්ධි වූ බවත් විදුලි බල මණ්ඩලය විසින් ඒවා මේ වන විට සකස් කරමින් සිටින බවත් හෙතෙම කීය.

මෙම බිඳවැටීම් වැඩි වශයෙන් සිදුව ඇත්තේ නුවරඑළිය, මහනුවර මෙන්ම ජලාශ ආශ්‍රිත ප්‍රදේශවල යැයි ද හෙතෙම කීවේය. වර්ෂාව අධික වූ බැවින් මෙම තත්ත්වය ඇතිවූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment