කොළඹ ඉන්දියානු අවන්හලක මිනී මරාගෙන

106

කොළඹ ගාලුමුවදොර සුපිරි සාප්පු සංකීර්ණයක පිහිටි ඉන්දීය අවන්හලක කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයකු එහි ප්‍රධාන සූපවේදියකු ලෙස සේවය කරන තවත් ඉන්දීය ජාතිකයකුට පෙරේදා (05 වැනිදා) රාත්‍රී පිහියෙන් ඇන ඝාතනය කර ඇත.

දෙදෙනා අතර දින කීපයක් තිස්සේ පැවති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඉන්දීය අවන්හල තුළදීම පිහියෙන් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදු කළ ඉන්දීය ජාතිකයා සහ ඒ සඳහා යොදාගත් තියුණු ආයුධය කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනා මීට සති දෙකකට පමණ උඩදී රැකියාවක් කිරීම සඳහා මෙරටට පැමිණ ඇති අතර ඔවුන් කොම්පක්‍ද්ක්‍දවීදිය ප්‍රදේශයේ නවාතැන්පළක නවාතැන් ගෙන සිට ඇත.

මොවුන් දෙදෙනා ගාලුමුවදොර සුපිරි වෙළෙඳසලේ ආපන ශාලාවේ රැකියාව සඳහා එකට ගොස් තිබේ.

මීට දින කීපයකට උඩදී නවාතැන්පළේදී මොවුන් දෙදෙනා අතර ආරවුලක් ඇතිවී තිබිණි.

පෙරේදා රාත්‍රි එක් ඉන්දීය ජාතිකයකු අවන්හලේ රාජකාරි කරමින් සිටියදී නිවාඩු ලබා සිටි අනෙක් ඉන්දීය ජාතිකයා එහි පැමිණ ඇත.

ඒ අවස්ථාවේ දෙදෙනා අතර නැවත ආරවුලක් ඇතිවූ අතර 30 හැවිරිදි වියේ සිටි එක් ඉන්දීය ජාතිකයකු 28 හැවිරිදි වියේ පසු වූ අනෙක් ඉන්දීය ජාතිකයාට පිහියෙන් ඇන පළා ගොස් ඇත.

බරපතළ තුවාල ලැබූ ඉන්දීය ජාතිකයා ජාතික රෝහලට රැගෙන යද්දී මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.

කොටුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment