ජයවර්ධනපුර සරසවි සිසුවියන්ට අසැබි දර්ශන පෙන්වූ පරිගණක තාක්‍ෂණ ශිල්පියා මාට්ටු

91

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රූමත් සිසුවියන් විශ්වවිද්‍යාලයට ගමන් ගන්නා දකුණු මාර්ගයන්හි සැඟවී සිට ඔවුන්ට පෙනෙන්නට අශෝභන ක්‍රියාවල යෙදුණු පරිගණක තාක්ෂණ ශිල්පියකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු බද්දේගම පදිංචි 38 හැවිරිදි අයෙකි.

සැකකරු, බිරිය, දරුවා හා බිරියගේ මව සමග මහරගම කුලී පදනම මත ලබාගත් නිවසක හිඳිමින් බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක පරිගණක තාක්ෂණ ශිල්පියකු ලෙස සේවය කරන අයකු බව හෙළිවිනැයි පොලිසිය පවසයි. මොහු සේවයට යන සෑම දිනකම උදෑසන සිය වෑන් රථයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යාබද කැම්පස් පාර ප්‍රදේශයට පැමිණ ඇති ඔහු අතුරු මාර්ගයක කැලෑබද පෙදෙසක රැඳී සිටිමින් එම ක්‍රියාවල යෙදී ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි. ඊට මුහුණ දුන් ඇතැම් සිසුවියන් අවස්ථා කිහිපයකදී අනතුරුවලට ලකව ඇතැයි ද පැවැසේ. මේ ගැන ලද පැමිණිලිවලට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමේධ විමල ගුණරත්න මහතා විසින් නිලධාරීහු කණ්ඩායමක් එගොඩවත්ත ප්‍රදේශය අවට ආවේක්ෂණ රාජකාරියේ යොදා තිබේ. ඒ අවස්ථාවේ සැකකරු මෝටර් රථයකින් පැමිණ එම රථය ප්‍රධාන මාර්ගයක් අසල නවත්වා අතුරු මාර්ගයට යද්දී පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇතැම් සිසුවියන් විසින් සැකකරුගේ අශෝභන ක්‍රියාකාරකම් වීඩියෝ ගත කර තිබූ අතර, එම වීඩියෝ දර්ශන ඉදිරිපත් කිරීමත් සමඟ සැකකරු කළ වැරැද්ද පොලිසිය හමුවේ පිළිගෙන තිබේ.

සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. මේ පිළිබඳව බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක ජයසූරිය, උප පොලිස් පරීක්‍ෂක දමයන්ති, පොලිස් කොස්තාපල්වරුන් වන බුද්ධික (88112), ප්‍රසාද් (92527) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂක සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment