රුසියානු විපක්ෂ නායක නවාල්නිගේ දේහය මුදා හැරීමේ ප්‍රමාදයක්

296

රුසියාවේ බන්ධනාගාරගත කර සිටියදී මිය ගිය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ විරුද්ධවාදියකු වූ විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නිගේ දේහය පවුලේ සාමාජිකයන්ට භාර දීම සඳහා තවත් සති දෙකක කාලයක් ගත වනු ඇතැයි රුසියානු බන්ධනාගාර අංශ විසින් නවාල්නිගේ මවට දැනුම් දී තිබේ.

නවාල්නිගේ දේහය රසායනික විශ්ලේෂණයක් සඳහා බලධාරීන් විසින් තවදුරටත් රඳවාගෙන සිටින බව වාර්තා වී තිබේ. මේ අතර නවාල්නිගේ බිරිය වන යුලියා නවාල්නයා පවසා ඇත්තේ රුසියානු ජනාධිපති පුටින් සිය සැමියාගේ ඝාතනයට වගකිව යුතු බවයි. සිය සැමියාගේ දේහයට සම්බන්ධ තොරතුරු රුසියානු බලධාරින් විසින් සඟවා ඇති බවට ද ඇය චෝදනා කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment