විදෙස් සංචාරකයින්ගෙන් යාලට වාර්තාගත ආදායමක්

440


සුඛෝපභෝගී සංචාරක නැව්වලින් පැමිණි විදේශීය සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීම නිසා වනජීවියට රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක (රුපියල්72,01541) ආදායමක් ලැබී ඇත.
ඒ අනුව නොවැම්බර් මස 30 දින පැමිණි නෞකාවේ සිටි විදේශීය සංචාරකයින් 551ක් දෙනෙක් වාහන 110කින් යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණ සිටි අතර එදින වනජීවි දෙපාර්තමේන්තුව ලද ආදායම රුපියල් 6,219, 560 කි.
එමෙන්ම දෙසැම්බර් මස 05 දින පැමිණි නෞකාවේ සිටි සංචාරකයින් 86 දෙනෙක් වාහන 18කින් යාල වනෝද්‍යානය නැරඹීමට ගොස් තිබේ. එමගින් ලද ආදායම 9,81,981කි.
මෙ වනජීවි දෙපාර්තමේන්තුව ලැබූ වාර්තාගත ආදායමක් යැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment