මියගිය ඇමැති ඇතුළු තිදෙනෙක් නඩුවෙන් නිදහස්

281

වෙඩි තබා පුද්ගලයන් කිහිපදෙනකු ඝාතනය කිරීමට තැත් කිරීම හා ඔවුනට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනාවලින් හිටපු නියෝජ්‍ය ඇමැති රංජිත් සොයිසා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු එල්.කේ. මහින්ද මහතා නියෝග කළේය.

මේ වනවිට මියගොස් ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සොයිසා, ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගුණතිලක බණ්ඩාර හෙවත් උස ප්‍රියන්ත හා කේ.ඩී. නන්ද කුමාර නමැති විත්තිකරුවන් එලෙස විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව කරුණු දක්වමින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කොට නොමැති බැවින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.

2002 වසරේ රත්නපුර ඇල්පිටිය ප්‍රදේශයේදී සිදුවූ එම සිද්ධිය සම්බන්ධයෙන් එම විත්තකරුවන් තිදෙනාට එරෙහිව අධිචෝදනා 15ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment