ආදී ආනන්දියෝ එතෙරත් වැඩ පෙන්වති

109

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන කොළඹ ආනන්ද සහ නාලන්දා විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායම් අතර ‘ආචාර්ය පී. ද එස්. කුලරත්න අනුස්මරණ කුසලාන’ වාර්ෂික ක්‍රිකට් සහ රග්බි තරගවලින් ආනන්ද විදුහල් ආදි ශිෂ්‍යයෝ ජය ලැබූහ.

අජ්මාන්හිදී පැවැති ප්‍රධාන ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආදි නාලන්දා පිල ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 133 ක් රැස්කළ අතර ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෝ ජයග්‍රාහි ඉලක්කය 19 වැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

මෙහිදී ආනන්ද විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රිකට් පිල වෙනුවෙන් දිලින් සිල්වා, කුෂාන් විජේවර්ධන, තරින්දු පත්තප්පෙරුම, දිනේෂ් ද සිල්වා සහ නායක නිමේෂ තජුඩීන් දස්කම් දැක්වූහ. නාලන්දා විදුහල් ආදි ශිෂ්‍ය පිල වෙනුවෙන් සමීර අබේසිංහ පිත්තෙන් දස්කම් දැක්වීය.

රග්බි තරගයෙන් ආනන්ද විදුහල් පිල උත්සාහක දිනුම් 4 -1 ක් ලෙස ජය ගත්තේය.

ආදී ආනන්දියෝ එතෙරත් වැඩ පෙන්වති
ජයග්‍රාහි ආනන්ද විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රිකට් සහ රග්බි කණ්ඩායම්.

මෙම තරගවලට සමගාමීව පැවැති ‘ලයනල් මෙන්ඩිස්’ අනුස්මරණ කුසලාන දෙවැනි පෙළ ක්‍රිකට් තරගයේ ද ආනන්ද විදුහල් ආදි සිසුවෝ ජය ලැබූහ. එහිදී ආනන්ද විදුහල වෙනුවෙන් නන්දන ලංකාතිලකගේ සහ යොෂාන් ගුණසේකර ද, නාලන්දා විදුහල වෙනුවෙන් චානක සේනතිලක ද, දස්කම් දැත්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment