උතුරේ මත්ස්‍ය සම්පත කොල්ලකෑම සඳහා තමිල්නාඩු ධීවරයන්ට බලපත්‍ර ලබාදීම

153

තමිල්නාඩුවේ ධීවර යාත්‍රාවලට ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළු වී ධීවර කටයුතුවල යෙදීම සඳහා බලපත්‍ර ලබාදීමට ශ්‍රී ලංකාව එකඟවී ඇති බවට වාර්තා වේ. මේ යෝජනාවට උතුරේ ධීවරයන් එරෙහිවී තිබේ. තමිල්නාඩු ධීවර බෝට්ටු 4000කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළු වී නීති විරෝධී ලෙස ඔවුන් ඇල්ලීමේ යෙදී සිටින බව හෙළිවී ඇති අතර එවන් බෝට්ටු 100කට අධික සංඛ්‍යාවක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබුණි. මේ පසුබිම මැද තමිල්නාඩු ධීවර ඇමැති මුරුගන් යාපනයට පැමිණියේය. ඔහු ධීවර ඇමැති ඩල්ගස් දේවානන්දා සමග සාකච්ඡාවක් ද සිදු කළේය. එම සාකච්ඡාවෙන් පසු දේවානන්දා බලපත්‍රදීමේ යෝජනාව හෙළි කළේය. මෙය බරපතළ හා උතුරේ ධීවර කර්මාන්තය වැනසීමේ යෝජනාවකි.

පෝක් සමුද්‍ර සන්ධිය අවට මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත විශාල ලෙස ඇති අතර තමිල්නාඩු ධීවරයන්ට බලපත්‍ර ලබාදීම තුළින් සිදුවන්නේ එම මත්ස්‍ය සම්පත මෙරට ධීවර ජනතාවට අහිමි වීමකි.

මෙයට පෙර බ්‍රි‍තාන්‍ය ධීවර යාත්‍රා අයර්ලන්ත මුහුදු කලාපයට ඇතුළුවීම වැළැක්වීමේ මෙහෙයුමක් දියත් විය.

මේ පසුබිම මැද තමිල්නාඩුවේ ධීවර සැතපුම් මධ්‍යස්ථාන 25කට අධික සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ මත්ස්‍ය සම්පත කොල්ල කෑමට ඉඩදිය යුතුද?

තමිල්නාඩු ධීවර සැතපුම් මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ උතුරුකරයේ පොකිරිස්සන්, කකුළුවන්, ඉස්සන් සහ වෙනත් මාළු සමග ඍජුව තමිල්නාඩුවේ සිට අපනයනය කෙරෙන්නේ ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වලටත් ඉන් විශාල ආදායමක් මෙම මසුන්ගෙන් ලැබේ. එසේම තමිල්නාඩු ධීවරයන්ට බලපත්‍ර ලබාදීම යනු මෙරට මුහුදු කලාපය හා ජාත්‍යන්තර මුහුදු කලාපය උල්ලංඝනය කිරීමට ඉඩදීමක් වේ. මෙරට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පැවසුවේ ශ්‍රී ලංකා තමිල්නාඩු ධීවර ගැටුම් නතර කිරීමට මෙම බලපත්‍ර ක්‍රමය ඉවහල් වන බවයි.

එහෙත් බලපත්‍ර ලබාදීමෙන් පසු කොපමණ තමිල්නාඩු ධීවර බෝට්ටු සංඛ්‍යාවක් උතුරේ කලාපයට ඇතුළු වන බව විමර්ශන කළ හැකි ද? එසේම අල්ලන මසුන් ප්‍රමාණය කොපමණ ද? තමිල්නාඩු ධීවර යාත්‍රා නිතර ම ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළුවේ ද?

තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකාවට ඇතුළුවී මසුන් ඇල්ලීමට ඉඩදීම යනු උතුරේ ධීවර කර්මාන්තය වැනසීමකි.

එලෙස බලපත්‍ර දීම සඳහා නාවික හමුදාවේ අදහස් ලබාගෙන තිබේද යන්න මෙතෙක් හෙළිවී නැත.

පසුගිය කාලයේ චීන ට්‍රෝලර් යාත්‍රා දකුණු මුහුදට පැමිණ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදී තිබුණි. ඇතැම් චීන ට්‍රෝලර් යාත්‍රාවලට බලපත්‍ර පවා ලබාදී තිබූ බව වාර්තා වේ.

මෙවන් තත්ත්වයක් මත උතුරේ ධීවරයන්ගේ සම්පත තමිල්නාඩු ධීවරයන්ට කොල්ලකෑමට ඉඩදිය හැකි ද? තමිල්නාඩු වෙරළ ප්‍රදේශයේ බලගතු දේශපාලකයන්ට සම්බන්ධ මාළු කම්හල් ඇති අතර මෙම බලපත්‍ර යෝජනාව යනු ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත තමිල්නාඩුවට කොල්ලකෑමට නීත්‍යානුකූල අයිතිය ලබාදීමකි.

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය කාලයේ නීති විරෝධීව මෙරටට ඇතුළුවූ ධීවර බෝට්ටු 100කට අධික සංඛ්‍යාවක් අල්ලාගෙන තිබුණි. මින් බෝට්ටු 6ක් රාජසන්තක කර උතුරේ ධීවර සමිතිවලට බෙදාදී තිබේ.

එවන් පසුබිමක් මැද උතුරු මුහුදු කලාපයට තමිල්නාඩු ධීවර බෝට්ටුවලට ඇතුළුවීම ගැන හොරබඩු ජාවාරමට ද කේරළ ගංජා ජාවාරම ව්‍යාප්ත වීමට ද ඉඩ ලැබීමකි. මෙම පසුබිම මැද ඉදිරියේ දී තමිල්නාඩු ශ්‍රී ලංකා ධීවර ගැටුම උග්‍රවීමට ඉඩ තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment