අධික වර්ෂාව නෝර්ටන්බි්‍රජ් මාර්ගය වසයි

73

ගිනිගත්හේන දියගල ප්‍රදේශයට (27) දින අලුයම ඇද හැළුණු අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නෝර්ටන්බි්‍රජ් ප්‍රධාන මාර්ගයට ගල්, විශාල ගස් සමග පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය උදෑසන සිට පස්වරුව වන තෙක් සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බව නෝර්ටන්බි්‍රජ් පොලිසිය පැවසීය.

ගිනිගත්හේන දියගල හරහා නෝර්ටන්බි්‍රජ් සහ මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දියගල ටැප්ලෝ වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ගල්, විශාල ගස් සහ පස් කන්ද කඩා වැටී තිබූ බවයි පොලිසිය කියා සිටියේ. ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගල්, විශාල ගස් සහිත පස් කන්ද මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය විසින් කපා ඉවත් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යථාතත්ත්වයට පත් කෙරිණ.

කඩින් කඩ ඇද හැළෙන අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවලට සහ අතුරු මාර්ගවලට පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවතින බවත්, එම මාර්ග ලිස්සන සුළු බැවින් රථ වාහන ධාවනයේ දී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිස් අධිකාරිවරයා රියැදුරන් ගෙන් ඉල්ලා සිටියි.
නුවරඑළිය නාලක රත්නායක, හැටන් – මනුර සුදත් සෙල්ලහේවා, මස්කෙළිය – ගාමිණි බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment