දූපත් රාජ්‍යයන්ට අත දාන්න එපා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

325

පසුගියදා (18දා) පැවති සසකාවා පදනම සහ ජාත්‍යන්තර සාමය සඳහා වූ “කාර්නෙගී එන්ඩොට්මන්ට්” විසින් නිව්යෝර් නුවරදී සංවිධානය කරන ලද “සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වන ආසියා-පැසිෆික් දූපත් අතර සංවාදය”දී ජාත්‍යන්තර සාමය සඳහා වූ කාර්නෙගී එන්ඩොට්මන්ට් හි ප්‍රතිපත්ති පර්යේෂණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩෑන් බෙයාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව ඇසුරින් සකස් කරන ලදී.

ඔබ දැන් ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටිනවා. ඒ නිසා ශ්‍රී ලංකාව ලෝකය දෙස බලන ආකාරය සහ ඔබ දකින ආකාරය ගැන ආරම්භයේදීම ඔබේ අදහස් දැනගැනීමට කැමතියි ?

අපි වසර 2500 ක් පමණ කාලයක සිට ලෝකය සමඟ සම්බන්ධ වෙලා සිටිනවා, ප්‍රධාන වශයෙන් ඒ අපගේ පිහිටීම නිසායි. කාලෙකට කලින් කෙනෙක් මගෙන් ඇහුවා අපි ඉන්දියාවට ගැති ද එසේත් නැතිනම් චීනයට ගැතිද කියලා ඉතින් මම කිව්වා අනිවාර්යයෙන්ම මම ඉන්දියාවට ගැතිත් නෑ ඒ වගේම මම චීනයට ගැතිත් නෑ කියලා. ඉතින් එයා මගෙන් ඇහුවා එතකොට ඔයා මධ්‍යස්ථද කියලා? මම කිව්වා නැහැ මම මධ්‍යස්ථ නැහැ, මම ශ්‍රී ලංකාවට ගැතියි කියලා. ඒක තමයි අද ගොඩක් අයට තේරෙන්නේ නැත්තේ. අපේ ප්‍රමුඛතා මහා බලවතුන්ගේ සහ කලාපයේ අනෙකුත් අයගේ ප්‍රමුඛතාවලට සමාන නැහැ. එය ඉන්දියන් සාගරය හෝ දකුණු පැසිෆික් දූපත් වේවා, ආර්ථික, සමාජීය සහ පාරිසරික වේවා, අපගේ ප්‍රමුඛතා වෙනස්. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අපට උපකාර කරන රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ඕනෑම පාර්ශ්වයක් සමඟ වැඩ කිරීමට අපි සූදානම්. ඒ නිසා අපි එක පැත්තකින් බටහිර රටවල් එක්ක එකතු වෙලා වැඩ කරනවා. අනිත් පසින් චීනයත් එක්කත් වැඩ කරනවා. එහිදී ශ්‍රී ලංකාව සහ අනෙකුත් දකුණු පැසිෆික් දූපත් සියල්ලම එකම බෝට්ටුවේ සිටින්නේ.

ඉන්දු-චීන-එක්සත් ජනපද එදිරිවාදිකම බටහිර පැසිෆික් කලාපයේ, ආසියා පැසිෆික් කලාපයේ ව්‍යුහගත ප්‍රදේශයේ ආරම්භ වූ දෙයක් බව අපට හැඟෙන නිසාත් එය තවමත් ක්‍රියාත්මක වන නිසාත් හරියටම සිදුවන්නේ කුමක්ද යන්න ඔබට අවශ්‍ය නම් මට පැහැදිලි කළ හැකියි. දැන් එය ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ APEC ලෙස පැතිර සිටිනවා. ඇයි අපි ඒකට ඇදිලා යන්නේ? ඒක අපට තේරුම් ගන්න අමාරුයි.

ඇත්ත වශයෙන්ම, දකුණු පැසිෆික් සහ ඉන්දියන් සාගරය උපායමාර්ගික වශයෙන් තීරණාත්මකයි. ඒ බටහිර පැසිෆික් කලාපය, දකුණු චීන මුහුදේ සිට නැගෙනහිර චීනය දක්වා චීනය දිගේ යන සැපයුම් දාම රේඛාව නිසයි. ඒ වගේම එක්සත් ජනපද නාවික විධානයේ හදවත දකුණු පැසිෆික් කලාපයයි. ඔවුන් කොරල් මුහුදේ සටන, මිඩ්වේ සටන සහ යමමොටෝගේ ගුවන් යානයට වෙඩි තබා බිම හෙළීම හරහා පැසිෆික් සාගරය තුළ ඔවුන්ගේ ආධිපත්‍යය තහවුරු කර ගත්තා. ඒ අතරම, ශ්‍රී ලංකාව අල්ලා ගතහොත් ඉන්දියන් සාගරයේ පාලනය ඔවුන්ට අහිමි වනු ඇතැයි තමා කනස්සල්ලට පත් වූ බව චර්චිල් පවසා සිටියා. එබැවින් අපි උපායමාර්ගික යි, නමුත් අපි උපායමාර්ගික වූ පමණින්, අපි චීනය හෝ වෙනත් කිසිවෙකු සමඟ කිසිදු මිලිටරි සන්ධානයකට සම්බන්ධ වී සිටින බවක් අදහස් වෙන්නේ නෑ. ඉතින් මේ පසුබිම තුළ තමයි අපට අපේම දූපත්වල භූ දේශපාලනය ගැන බලන්න වෙන්නේ.

ශ්‍රී ලංකාවේ ස්ථාවරය ගැන කතා කරන විට, එය වරෙක චීනය සමගත් සහ වරෙක එක්සත් ජනපදය සමඟත් වැඩ කිරීමට කැමති ආකාරයක් පෙන්නුම් කරනවා?

ශ්‍රී ලංකාව කිසිවිටෙක යමක් ලබා ගැනීමට වරින් වර කිසිවෙකුත් පසුපස යන්නේ නැහැ. දූපතක් ලෙස පිටතින් පැමිණෙන ඕනෑම බලවේගයක් සමග කටයුතු කිරීමට අපිට සිදුවෙනවා. අතීතයේ අපි එකිනෙකාට එරෙහිව ක්‍රියා කරන්න ඇති. නමුත් එය අපගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා පමණයි. නමුත් මේ කාරණයේදී දැන් අපි ඒ ආකාරයට කටයුතු කරන්නේ නැහැ. ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් කලාපයේ ස්වභාවය තේරුම් ගන්න බැරිකම තමයි මෙය නිර්මාණය කරන්නේ. අපගේ භූ දේශපාලනය කුමක්ද සහ අප කරන්නේ කුමක්ද යන්න සම්බන්ධ කිසිදු රටක් තේරුම් ගෙන නැති බවයි පෙනෙන්නේ.

ඉන්දු-පැසිෆික් යන වචනය පසුගිය වසර 5හේ සිට 10 දක්වා භාවිතා කරන ලද වඩාත් පොදු යෙදුමක් බවට පත්ව තිබෙනවා. ඉන්දු පැසිෆික් කලාපය එසේ ලේබල් නොකළේ නම් එය උපාය මාර්ගික රාමුවක් වේවිද?

ඉන්දු පැසිෆික් කියලා ඔබ හඳුන්වන දේ තවමත් කෘත්‍රිමව සකස් කළ රාමුවක්. මක්නිසාද යත්, ඔබ මෙහි අදාළ වන IORA දෙස බැලුවහොත්, ඉන්දියන් සාගරය පැමිණෙන්නේ ඉන්දියන් සාගර සීමාවෙන්. ඉන්දු පැසිෆික් කියන එක කවුරුත් දන්නේ නැහැ. නිදසුනක් වශයෙන්, සමහර පුද්ගලයන්ට අනුව ඉන්දු පැසිෆික් කලාපය ඉන්දියාවේ බටහිර මායිමෙන් අවසන් වෙනවා. තවත් සමහරු එය අප්‍රිකාව දක්වා ගෙන යනවා. සමහරු එය බටහිර පැසිෆික් කලාපයට ගෙන යනවා. තවත් අය දකුණු පැසිෆික් කලාපයට යනවා. මම එහි ජීවත් වෙන කෙනෙක්. මොකක්ද මේ ඉන්දු පැසිෆික් කියන්නේ? මම 1977 දී නියෝජ්‍ය විදේශ ඇමැති වුණා. මේ සියල්ල මම දැකලා තියෙනවා. මම දැක්කා චීනය සහ එක්සත් ජනපදය ඉන්දියාවට සහ රුසියාවට එරෙහි වෙනවා. දැන් මට පේනවා ඇමරිකාවයි ඉන්දියාවයි රුසියාවයටයි චීනයටයි එරෙහි වෙනවා. සිදුවී ඇත්තේ එපමණයි. දැන් මෙයට අපවත් ඇදලා ගන්න කරුණු සොයනවා.

මම මේවා දැකලා මේ ගැන කතා කරලා තියෙනවා. මම දැනගෙන හිටියා ජෙනරල් ෂියා කොහොමද කළේ කියලා. නමුත් මම මෙහි සිටින වයස්ගතම පුද්ගලයා නිසා මේ සියල්ල ඔබට පැවසීමට මට හැකියි. එක පැත්තකින් ඉන්දියාව, අනෙක් පැත්තෙන් චීනය සහ ඇමරිකාව. එතන තමයි අපි හැමෝම යුද්ධ අතර මැදි වුණේ. දැන් එය අනෙක් පැත්තට හැරී ඇත. ඇමෙරිකාව ඉන්දියාවත් එක්ක චීනය රුසියාවත් එක්ක එදිරිව ක්‍රියා කරනවා. ඉන්දු පැසිෆික් ආවේ කොහොමද? එය ඉන්දියානු කපිතාන් කන්නාගේ පළමු න්‍යාය වුණා.

ඉන්දියන් සාගරයේ චීන නැව්වලට බාධා කළ හැකි බව ඔහු පැවසූ බව ඔබ දන්නවා. ඒකෙන් සාගර දෙකක් එකමුතු වීම ගැන අබේ මහතාගේ ප්‍රකාශය නිකම්ම එළියට ආවා. කපිතාන් කන්නා, මම හිතන්නේ ඔබ බොහෝ දෙනෙක් දන්නවා, ඔහු කිව්වා චීන සැපයුම් මාර්ගයට බාධා කරන මාර්ගය මෙය බව. ඒත් සමග මේ සියල්ල දැන් ඉන්දු පැසිෆික් කලාපය ලෙස සකස් කර තිබෙනවා.

යුද්ධය පමණක් නොව, පශ්චාත් යුද සමයේදී පවා මූලික ඒකක තුනක් තිබුණා. එක් කොටසක අද්මිරාල් නිමිට්ස්, අපේ පැත්තෙන් අද්මිරාල් මවුන්ට්බැට්, සහ අනෙක් පැත්තෙන් චියැං කායි ෂේක් (Chiang Kaishek). එබැවින් ඔබ ඔවුන්ව එකට ගෙන යා යුතුයි. ඉන්දු පැසිෆික් කියූ පමණින් ඔවුන්ව එකතු කරන්න බැහැ.

ඉන්දු-පැසිෆික් යන යෙදුම වොෂින්ටනයේ හෝ සමහර විට බීජිං හෝ වෙනත් තැන්වල මිනිසුන්ගෙන් යම් උපායමාර්ගික හිඩැස් ඇති කර තිබෙනවා. ඔබ IORA ගැන සඳහන් කර ඇති අතර ලබන වසරේදී ශ්‍රී ලංකාව එහි සභාපතිත්වය භාර ගැනීමට නියමිතයි. ඒ සඳහා ඔබේ උපායමාර්ගික දැක්මක් කුමක්ද? සහ එහි සභාපතිත්වය ගැන ඔබ සිතන්නේ කොහොමද?

මීළඟ වටයේ එදිරිවාදිකම් සිදුවන්නේ ආසියාව තුළයි. එය චීනයට එරෙහිව එක්සත් ජනපදය පිළිබඳ ප්‍රශ්නයක්. ඔවුන් ආසියාවේ ඔවුන්ගේ බලපෑමේ කලාපය බෙදීමට සූදානම් වෙනවා. යන්නේ කෙසේද? එහි නිසැකවම අඩංගු වන්නේ, පළමුව දකුණු චීන මුහුද, ඇතුළත් ඉන්පසු නැගෙනහිර චීන මුහුද. ඉතින් මේක ඇතුළේ තමයි මේක හදන්න හදන්නේ. ඇත්ත වශයෙන්ම, මීට පෙර පවා, එක්සත් ජනපදය නැගෙනහිර ආසියාවේ පදනම ගැන ඉතා විශේෂ විමසිල්ලෙන් සිටියේ. 1997 දී ජපානය විසින් Asian IMF පිළිබඳව යෝජනා කරන විට එක්සත් ජනපදය චීනය අල්ලාගෙන එය නැතිකර දැම්මා. අපි දකින විදිහට මෙය නම්, සිදුවෙමින් පවතින දෙයක්. ඊටත් වඩා එය මිලිටරි බලය සහ ජපානයට කිසි විටෙකත් එහි යෑමට සිදු නොවූ ප්‍රවේශයක් ඇතුළත් වන නිසා තවත් සුවිශේෂියි. නමුත් එය මූලික වශයෙන් භූ දේශපාලනය සහ බල දේශපාලනයි. අපි මේ කල්පනා කරන්නේ ඇයි මේකට අපිව ඇදල ගන්නේ කියලයි.

එක්සත් ජනපද ප්‍රතිපත්ති සහ චීන ප්‍රතිපත්ති විවේචනය කිරීම මට තේරෙනවා. ශ්‍රී ලංකාව සඳහා ස්ථිර න්‍යාය පත්‍රය කුමක්ද? කොළඹ ඉඳගෙන ඔබ ශ්‍රී ලංකාව වෙනුවෙන් කලාපයේ ඉටු කිරීමට උත්සාහ ගන්නේ කුමක්ද?

අපි ලංකාව දියුණු කරන්න හදන්නේ. ඇත්ත වශයෙන්ම අපේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික දූපත බව අපි දන්නවා. අපට නැගෙනහිරින් සිංගප්පූරු මුහුදු මාර්ගය තියෙනවා. බටහිරින් සූවස් දක්වා තිබෙනවා. එබැවින් මොසැම්බික් ඇළ සමීපයේ ඇති මොරිසස් දූපත් හැර මෙම රේඛාවේ ඇති සියලු දූපත් මීට අයත් වෙනවා. අපට අවශ්‍ය වන්නේ සංවර්ධනය විමටයි. අද සංවර්ධනය කිරීමේ අරමුණ සඳහා බොහෝ විකල්ප තිබෙනවා. මම අදහස් කළේ මූලික වශයෙන් චීනය සිය සමුද්‍රීය සේද මාවත ඉදිරිපත් කර සෑම තැනකටම ඔවුන් ආධාර ලබා දී තිබෙනවා. එතකොට ඉන්දියාව දැන් සාගා ව්‍යාපෘතිය සමග ඉදිරියට එමින් සිටිනවා. මේ වඩා ජපානය සතුව විදේශ ආධාර ලබාදීම සඳහා ඇති හොඳම ජාලය තවමත් තිබෙන නිසා අපට අවශ්‍ය වන්නේ සහ අපි උත්සාහ කරන්නේ මේ සියල්ල භාවිත කර අපේ රට සංවර්ධනය කර ගැනීමටයි.

ආර්ථිකය නඟා සිටුවීම සඳහා ඔබ IMF සමඟ නව ගිවිසුමක් අත්සන් කළා. ඉදිරි වසර තුන හෝ පහ තුළ සඳහා ඔබේ දැක්ම කුමක්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් අය සමඟ අපි දිගුකාලීනව ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කරමින් සිටිනවා. එමඟින් මිනිසුන් ආකර්ෂණය කර ගත යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සහාය ලබා දෙමින් සිටිනවා. ඇත්ත වශයෙන්ම ඔවුන් 3.5% ක පමණ වර්ධන වේගයක ඉලක්කයක් ලබා දී ඇති නමුත් අපට ඉදිරියට යෑමට අවශ්‍ය වන නිසා එය 5.5% සිට 6% දක්වා වර්ධනය කර ගැනීම සහතික විය යුතුය. ඒක අපේම උත්සාහයක්. නමුත් අපට සම්බන්ධ නැති වෙනත් ප්‍රශ්න තියනවා. නමුත් ගෝලීය ණය සහ අඩු ආදායම්ලාභී රටවල සමස්ත ප්‍රශ්නය ඉදිරි වසර කිහිපය තුළ විසඳිය යුතු යැයි මම හිතනවා. එය ලංකාවට පවා අහිතකර ලෙස බලපෑ හැකියි. ඉන්දියාව සමඟ අපි පුළුල් ආර්ථික සහ තාක්ෂණික හවුල්කාරිත්වය පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. අපගේ වෙළෙඳපොළවල් විශාල වන පරිදි RCEP හා සම්බන්ධ වීමට අප ද දැන් අයැදුම් කර තිබෙනවා. අපට කිසිවිටෙකත් හමුදාමය අභිලාෂයන් නැහැ.

ශ්‍රී ලංකාව දූපතක් ලෙස භූගෝලීය වශයෙන් සහ අර්ධ වශයෙන් එහි විශාලත්වය නිසා එහි ඇති සුවිශේෂත්වය ඔබ සඳහන් කළා. මෙම සංවාදයට සහභාගි වන බොහෝ දූපත් වල ජනගහනය ඉතා කුඩායි. දූපත් වල විශේෂ අවශ්‍යතා ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකාවට යම් යම් අවස්ථාවලදී කණ්ඩායම් ප්‍රකාශකයෙකු ලෙස භූමිකාවක් ඔබ දකිනවාද?

අපි දූපත්වල පමණක් නොව ඉන්දියන් සාගරයේ විශේෂ අවශ්‍යතා ගැන කතා කරමු. ශ්‍රී ලංකාව දැන් IORA හි සභාපතිත්වය දරනවා. තවද IORA ව්‍යුහාත්මකව ශක්තිමත් කළ යුතු බව අපට හැඟෙනවා. ඒ නිසා අපි ඒ ගැන කටයුතු කරනවා. දෙවනුව, මුළු ඉන්දියන් සාගරයම දැන් යම් ආකාරයක නව බල සැලැස්මක් හරහා ගමන් කරමින් සිටිනවා.

ඉන්දියන් සාගර කලාපයේ රටවලින් බහුතරයකට නේටෝවට සම්බන්ධ වෙන්න ඕන වෙයි කියලා මම හිතන්නේ නැහැ. ප්‍රංශයට ඉන්දියන් සාගරයේ සහ පැසිෆික් කලාපයේ කොටස් තිබෙනවා. එම කොටස් නිසා යුරෝපීය බලවතුන් ඉන්දියන් සාගරය තුළට
ගෙන්වා ගනීද යන්න අප ඉතා කනස්සල්ලට පත්වන ප්‍රශ්නයක්. දෙවනුව, යුක්රේන යුද්ධය තත්ත්වය වෙනස් කර ඇති බැවින් බොහෝ රටවල් යුක්රේන යුද්ධය හෙළා දැකීමට සම්බන්ධ වී නැහැ. බටහිර ආසියානු කලාපය මේ යුද්ධයෙන් ප්‍රතිලාභ ලබනවා. බොහෝ රටවල් අද රුසියානු තෙල් සහ ඉරාන තෙල් භාවිත කරනවා. එබැවින් එය මූලික වශයෙන් බටහිර ආසියාව හරහා දිවෙන රුසියානු ආර්ථිකය වන අතර එය දිගටම කරගෙන යමින් තිබෙනවා. තෙවනුව, BRICS ව්‍යාප්තියත් සමඟ ඉන්දියන් සාගරයේ නව බල පෙළගැස්මක් ඇති වීමයි. BRICS සතුව ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තිබුණා. දැන් ඊට ඉරානය, ඔවුන්ගේ නාවික බලය වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඊජිප්තුව එකතුවී තිබෙනවා. ඒ නිසා දැන් ඔබ BRICS Plus සහ QUAD සඳහා ප්‍රති තුලනයක් සොයාමින් සිටිනවා.

යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධයෙන් බටහිර රටවල් ප්‍රයෝජන ලබනවාය යන ප්‍රස්තුතයට අභියෝග කරන මාද ඇතුළුව පුද්ගලයන් ගණනාවක් සිටින බව මම හිතනවා. නමුත් එම යුද්ධයේ අවදානමට ලක්ව ඇති ජාත්‍යන්තර නීතියේ මූලධර්ම ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද?

යුක්රේන යුද්ධයේ පවතින ජාත්‍යන්තර නීතියේ මූලධර්ම මොනවාද?

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් බහුතරයක් නීතියට එරෙහිව බලහත්කාරයෙන් දේශසීමා උල්ලංඝනය කිරීම හෙළා දැක තිබෙනවා වගේම ජාත්‍යන්තර දේශසීමා සඳහා ගරු කිරීම සහ යුද අපරාධ ජාත්‍යන්තර නීතියේ කොටසක් වන බැවින් රුසියාව විසින් යුද අපරාධ මෙවලමක් ලෙස භාවිත කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කර තිබෙනවා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය වන්නේ යුරෝපයේ ලෝක යුද්ධ දෙකක්ම ආරම්භ වීමට හේතු වූ නිසා යුරෝපය මෙම යුද්ධය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර ගත්තාද? ඔබ ඔය කියන ජාත්‍යන්තර නීතිය මඟින් වසර 75ක් තිස්සේ පලස්තීනයේ ප්‍රශ්නය විසඳුවේ නැත්තේ ඇයි?

Aukus හි සාමාජිකයන් ගෙන ඇත්තේ උපායමාර්ගිකව වැරදි පියවරක් බව මම කිව්වොත්?

මම හිතන්නේ එය උපායමාර්ගික වශයෙන් වැරදි පියවරක්. අනික ඒක නිවැරදි කරන එක මගේ කාර්යයක් නෙවෙයි. මගේ මතය අනුව එය ඇත්තෙන්ම අවශ්‍ය නැහැ. පැසිෆික් සාගරය ගැන ඔවුන්ට කුමක් කිව යුතු දැයි මම දන්නේ නෑ, නමුත් නිසැකවම මම හිතන්නේ ඒක ඇමරිකාවට බරක්.

හරි, මම දැන් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්න දෙසට හැරෙනවා. චීන පර්යේෂණ යාත්‍ර සහ ඔත්තු බලන නැව් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔබ විදේශීය යාත්‍රා සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් හඳුන්වා දී තිබෙනවා. චීනය ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු භූ-ආර්ථික පැවැත්මක් ඇති බැවින් මෙය කෙතරම් ඵලදායීද?

ඔත්තු බලන නැව් ලංකාවේ නැහැ. පර්යේෂණ නැව් තියෙනවා මොකද අපි චීනයේ විද්‍යාව පිළිබඳ ඇකඩමිය, ශ්‍රී ලංකාවේ ජාතික ජලජ ජීවී පර්යේෂණ ඒජන්සිය සහ සමහර විශ්වවිද්‍යාල සමඟ ඇති කර ගෙන ඇති ගිවිසුම් අනුව පසුගිය වසර 10 පුරාම විවිධ පර්යේෂණ නැව් පැමිණෙනවා. ඉතින් එතන ප්‍රශ්නයක් නැහැ. නමුත් නැව් ගැන කියනවනම් ඔත්තු බලන්න පුළුවන්ද කියන එක

ගැන රටකට ප්‍රශ්නයක් තිබුනා. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ සඳහා ස්ථාවර මෙහෙයුම් පටිපාටියක් සකස් කරන්න කටයුතු කළා. මෑතකදී අපි ඉන්දියාව සමඟ සාකච්ඡා කළා. ඉන්දියාව විසින් අපට ඉදිරිපත් කළ සියලු සංශෝධන භාර ගැනීමට අපි තීරණය කරලා තියෙන්නේ. ඉතින් දැන් එන ඕනෑම නැවක් එන්නේ අපේ මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුවයි. අපි ඉන්දියාවත් එක්ක එකතුවෙලා කරපු නිසා ඒ මෙහෙයුම් ක්‍රියාවලිය හරහා තර්ජනයක් වෙන කිසිම නැවක් එනවා කියලා මට පේන්නෙ නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment