ලෝක යොවුන් දුනු ශිල්ප ශූරතාවලියට තිසල් සහ ලකිඳු

112

ලබන මස 01 වැනිදා සිට 9 වැනිදා දක්වා අයර්ලන්තයේ – ලිමරික් නගරයේ පැවැත්වෙන ලෝක දුනු විදීමේ යොවුන් ශූරතාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් යොවුන් දුනුවායෝ දෙදෙනෙක් සමත් වූහ.

වයස අවුරුදු 18 සහ 21 න් පහළ වයස් කාණ්ඩ යටතේ ඔවුහු තේරී පත් වූහ.

ආනන්ද විද්‍යාලයේ තිසල් දින්සර වයස අවුරුදු 21 න් පහළ තරගාවලිය නියෝජනය කරන අතර අවුරුදු 18න් පහළ බාලක අංශය නියෝජනය කරමින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ලකිඳු ගුණරත්න ඒ සඳහා සහභාගි වෙති.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ලකිඳු ඉගෙනුම ලබන අතර තිසල් ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment