බ‍්‍රැත්වෙයිට්ගේ තාප්පයෙන් එංගලන්ත ජය හරස් වෙයි

315

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක කේ‍්‍රග් බ‍්‍රැත්වෙයිට්ගේ ධෛර්යමත් පිතිහරඹය හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකි විය.

ජයග‍්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 282 ක ඉලක්කයක් එංගලන්තය ලබාදුන් අතර ලකුණු 93 කට කඩුලූ 5ක් බිඳ වැටුණු කොදෙව් ඉනිම දිනය අවසන් වන තෙක් ආරක්ෂාකර ගැනීමට නායක බ‍්‍රැත්වෙයිට් සමත් වූවේය.

පැය හතරකට අධික කාලයක් සිය අන්තය ආරක්ෂා කරගත් බ‍්‍රැත්වෙයිට් දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 56ක්ද, පළමු ඉනිමේ ලකුණු 160 ක්ද රැස් කළේය. පළමු ඉනිමේදී ද ඔහු පැය 12කට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටි අතර මේ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ද බ‍්‍රැත්වෙයිට් ට හිමිවිය. තරග දෙකකින් යුත් තරගාවලියේ පළමු තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර මෙම තරගය බි‍්‍රජ්ටවුන්හිදී පැවැත්විණි.

ලකුණු සාරාංශය

එංගලන්තය පළමු ඉනිම 507/9, බටහිර කොදෙව් පළමු ඉනිම 411, එංගලන්තය දෙවැනි ඉනිම 185/6, බටහිර කොදෙව් පළමු ඉනිම 135/5

advertistmentadvertistment
advertistmentadvertistment