ජනතා පැමිණිලි පිළිබඳව උදාසීන පොලිස් නිලධාරීන්ට රතු එළියක්

230

මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව ක්‍රියාශීලී නොවන සෑම පොලිස් නිලධාරියකු පිළිබඳවම විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඔවුන්ගේ සේවය තහනම් කරන ලෙස පොලිස් මූලස්ථානය සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබේ.

ඇතැම් පොලිස් නිලධාරීන් විවිධ හේතු පවසමින් පැමිණිලිකරුවන්ට වෙනත් දිනක පැමිණෙන ලෙස දැනුම්දීම පුරුද්දක් කරගෙන ඇති බවත් තවත් පිරිසක් සිය වගකීම වෙනත් නිලධාරියකුට පවරා මගහැර යන බවත් පොලිස් මූලස්ථානය කියයි.

මින් ඉදිරියට පොලිසියට ලැබෙන සෑම පැමිණිල්ලක් පිළිබඳව ක්‍රියාශීලී වන ලෙස පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment